By unusuma.lk on
(LK time)යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේදී ගෙන ඇති ඡායාරූපය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි.
එම ඡායාරූප ගෙන ඇත්තේ බෙලිඅත්ත අධිවේගී මුරපොළේ ඔහුව රඳවාගෙන සිටි අවස්ථාවේදී බවත් එය රැගෙන ඇත්තේ යෝෂිත රාජපක්ෂගේ යහළුවෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විසින් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ,
“ඔහුගේ දෙහිවල නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියා. එහිදි තොරතුරු හරහා අපිට ලැබුනේ ඔහු බෙලිඅත්තට ගිහින් ඇති බවයි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්න අපි බෙලිඅත්ත ප්‍රදේශයට ගමන් කළා. ඒ අතරතුර අධිවේගී මාර්ගයේ පිටවීමේ අසන්නයේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහුව රඳවා ගැනීමක් කරලා මුරපොළ වෙත රැගෙන ගොස් වාඩි කරලා තිබුණා.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එතනට පැමිණ ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමක් සිදුකළා. ඒ කියන ඡායාරූපය අරගත්තේ පොලිස් නිලධාරීන් නෙමෙයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු වූ සිදුවීමකුත් නෙමෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන තුරු ඔහුව බෙලිඅත්ත අධිවේගී මුරපොළෙහි රඳවාගෙන සිටි අවස්ථවේ දී ඔහු ලබාදුන් ඡායාරූපයක්. යම්කිසි මිතුරෙක් හෝ කිසියම් කෙනෙක් ලබාගත් ඡායාරූපයක්. මාංචු දැමීම කියන එක, අපි අත්අඩංගුවට ගැනීමක් සිදුකරන විට, සියල්ල සිදු කරන්නේ නෛතික පදනමක් මත.
පැන යාම හෝ සිරභාරයට ගැනීමට ඔහු විරුද්ධ වෙනවා නම් ඔහුව පාලනය කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් තමයි මාංචු දැමීම. ඔහු අවනත වෙනවා නම් අත්විලංගු දමන්න අවශ්‍ය වන්නේ නෑ. එය තීරණය කරන්නේ ඒ මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරීන්. අපි අවසාන වශයෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා නියමිත නෛතික පියවර අනුගමනය කලා.
අධිකරණයට යොමු කළා. ඒ අනුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළා. සියල්ල අපි නීතියට අනුකූලව ඉෂ්ඨ කළා. කිසිසේත්ම විමර්ශන සඳහා දේශපානල අධිකාරියේ මැදිහත්වීමක් නෑ. විශේෂයෙන්ම අපගේ විෂයභාර අමාත්‍යවරයා හෝ විමර්ෂණ සඳහා මැදිහත්වීමක් කරන්නේ නෑ. පාරිපාලනයට පමණයි මැදිහත්වීමක් කරන්නේ.”
අද (26) දින පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සදහා පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මේ බව සදහන් කරයි.