By unusuma.lk on
(LK time)අද (11) යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාව මුදල් විශුද්ධීකරණ පනත යටතේ සැකකරුවන් වශයෙන් නම් කර ඔවුන්ට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.
ඒ 2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවිනි.
පොලිස් විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.
ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ අනුව ඩේසි ෆොරස්ට් නම් තැනැත්තියට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති අතර මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බවයි.