By unusuma.lk on
(LK time)බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක් යට සඟවා හෙරොයින් ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි තරුණයකුට කොළඹ මහාධිකරණය විසින් පසුගියදා ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කර ඇත.
දීර්ඝ නඩු විභාග යකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම වුණේ 26 හැවිරිදි අවිවාහක තරුණයකු වන දේව රාජා ලෝරන්ස් නමැත්තකුටය.
2019 වසරේ දෙසැම්බර් මස (04) වැනිදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයකුට ආහාර රැගෙන ගිය බාල්දියේ ව්‍යාජ පතුලක් යට සඟවා හෙරොයින් ග්‍රෑම් 25.09ක් බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පැවරූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.
ඒ අනුව ඔහුට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව විනිසුරුවරයා අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කර ඇත.