තනතුර අත්හළ ආණ්ඩුවේ තරුණ සභාපති කට අරී.!

පසුගියදා තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලින් ඉල්ලා අස්වූ චින්තක හේවාපතිරණ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු හෙළිකර තිබේ.

පක්ෂයේ ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බව ඔහු පවසයි.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


සහෝදරයා සහෝදරිය,

මීට මාස හතරකට පෙර ජාතික ජන බලවේගය විසින් මා හට පවරන ලද වගකීමක් අනුව මා ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පත්වූ අතර එකී කාලය තුළ මා මට පුළුවන් උපරිමයෙන් එකී කටයුතු සිදු කරන ලද අතර 2025 01 මස 31 දින මා මාගේ සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළෙමි. මා මෙම වගකීම් භාරගත්තේ ද පසුව එකී වගකීමෙන් ඉවත් වන්නේ ද පක්ෂයේ ඉල්ලීමකට අනුව බවත් මින් ඉදිරියටත් පක්ෂය විසින් මාතර දිස්ත්‍රික්කයේ නව දේශපාලන වගකීමක් මේ වනවිටත් මා වෙත පවරා ඇති බවත් එකී වගකීමද මට හැකි උපරිමයෙන් ඉටු කිරීමට මේ වන විට මා සූදානම් වන බවත් කියා සිටිමි.

2025/01/31 වන දින සිටමේ දක්වා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ අදහස් ප්‍රචාරණය වී තිබූ අතර එකී සියලු ප්‍රචාරයන්ට මා කියා සිටින්නේ මා දේශපාලනය ආරම්භ කළ කොළඹ විශ්ව විද්‍යාල නීති පීඨයේ දේශපාලනයේ සිට මේ මොහොත දක්වා උත්සාහ කරන්නේ මේ මව් පොළව වෙත යම් සාධනීය මෙහෙවරක් සිදු කිරීමටයි. එතෙක් මෙතෙක් ඒ කාල පරාසය තුළ මගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කොට ඇති අතර සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කොට ඇත. දේශපාලනයෙන් මා උපයාගත් අබ ඇටයක තරම්වත් ආර්ථික වත්කමක් නොමැත. ඉදිරියටත් ජාතික ජන බලවේගයේ පොදු යහපත් අරමුණ යථාර්ථයක් කරන්නට මාතර දිස්ත්‍රික්කයේ මාගේ සහෝදරත්වය සමග උපරිම වගකීමෙන් කටයුතු කරන බවත් මාතරින් තාවකාලිකව මා මාස හතරකට පෙර නතර කළ ගමන ඊයේ නැවත වැලිගමින් ආරම්භ කළ බවත්ය.

එබැවින් මා හට පැවරී ඇති සමාජ වගකීමෙන් මා කිසිදු විටෙකත් දුරස් නොවෙමි. මිනිසුන් අතර කේලාම් වාසි බස් කියා ගැටුම් ඇති නොකරන්නෙමි. මගේ ගමන යන්න පොදු හැඟීම් සමග සෙල්ලම් නොකරන්නෙමි. යමෙක් පහත් ක්‍රම හරහා පහත් සතුටක් ලබයිද එය තාවකාලික තිරිසන් පහත් සතුටකි. එහෙත් පටු නපුරු චේතනාවන්ගෙන් ඔබ කියන කරන සියල්ලක්ම මේ වාතලයේ යම් තැනක සටහන් වන බව අමතක නොකරන්න. දවසක හොඳ හෝ නරක ලෙස ඔබ පසුපස එන්නේ ඒ කළ කී දේ බව මතක තියාගන්න. අපේ මව් පොළොවේ පුරවැසියන් උදෙසා යහපත් මව් පොළොවක්, සමාජයක් නිර්මාණය කරන්න මා මගේ වපසරිය තුළ මට කළ හැකි සියල්ලක්ම උපරිමයෙන් කරමි.

ස්තුතියි, ජය !

~ Chinthaka D Hewapathirana

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.