By unusuma.lk on
(LK time)සඳ නැගුණු රාත්‍රි කාල වලදී සිගිරි පර්වතය මුදුනේ රැය පහන් කිරීමේ අවස්ථාව සංචාරකයන්ට උදා කර දීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ අනුව සෑම මසකම පොහොය දිනයේදීත්, පොහොයට පසු දින දෙක සහ පොහොයට පෙර දින දෙක තුළ සීගිරියේ රැය පහන් කිරීමේ අවස්ථාව උදා කර ගත හැකිය.
දැනට සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට ඒ සදහා අවස්ථාව ලැබෙන්නේ පෙරවරු 6.00 පස්වරු 6.00 අතර කාලය තුළ පමණක් බව සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමණාකාරවරයා සදහන් කරයි.