දළදා වන්දනාව දීර්ඝ කරනවාද.. නැද්ද.. අවසන් තීරණය.!

“සිරි දළදා වන්දනාව” තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද සම්බන්ධයෙන් දියවඩන නිලමේවරයා දළදා මාලිගාවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළේය.

දින 10ක් පුරා පැවැති “සිරි දළදා වන්දනාව” කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බවත් යළිත් දීර්ඝ නොකරන බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

දෛනිකව සැලසුම්කරගත් ප්‍රමාණයට වඩා විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙන බවත් දළදා වන්දනාව අට වන දිනය වූ ඊයේ (24) දිනත් බැතිමතුන් විශාල පිරිසකගෙන් මහනුවර පුරවරය පිරි තිබු බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, සෞඛ්‍ය අංශ, නගර සභාව, මධ්‍යම පළාත් සභාව විශාල ‌සේවාවක් ඉටු කරන බවත් එය අගය කරන බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

ඒ අනුව කලින් නියම කරගත් පරිදි ශ්‍රී දළදා වන්දනාව අනිද්දා (27) දින දක්වා පමණක් පැවැත්වීමටත් අනතුරුව දළදා වන්දනාව අවසන් කිරීමටත් තීරණය කළ බවද දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments