By unusuma.lk on
(LK time)මීට සුළු මොහොතකට පෙර පාස්කු ප්‍රහාරයේ වත්මන් විමර්ශන ගැන සිරිල් ගාමිණී පියතුමන් විසින් මාධ්‍ය හුමුවක් පවත්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
එම ප්‍රකාශය,
“පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මිනිස් ජීවිත දෙසිය හැට ගානක් අහිමිවුණා. එක වගේම පන්සියයකට අධික පිරිසක් බරපතළ රෝග ආබාධ වලට ලක් වුනා. මේ ප්‍රහාරයේදී කතෝලික දේවස්ථානවල කොළඹ සංචාරක හෝටල් කිහිපයක බෝම්බ පිපිරීම සිද්ධ වුනා.
මේ බෝම්බ පිපිරීම සිද්ධවෙලා දැයට අවුරුදු හයක් ගතවෙලා තියෙනවා. මේ අවුරුදු හය පුරාවටම මේ ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වුණු ව්න්දිතයන් වෙනුවෙන් කතෝලික සභාව දිගින් දිගටම ඉල්ලා සිටීම් කළා. ඒ වගේම බල කිරීම් කරා. මේ ප්‍රහාරයේ සත්‍ය සොයන්න කියලා. අපි හැමෝම දන්නවා මේ බෝම්බ පිපිරීම කළේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වුනු සහරාන් ඇතුළු පිරිස.
ඒ අය මුස්ලිම් අන්තවාදින් හැටියට තමයි අපි හඳුනාගන්නේ. මේ මුස්ලිම් අන්තවාදීන් මේ ප්‍රහාරයේ එල්ල කළේ ඇයි කියන එක පිළිබඳ සත්‍යතාවය අපි හොයාගන්නට ඕන. අනිත් එක තමයි මේ ප්‍රහාරය ඔවුන්ට දියත් කිරීමට ඉඩකඩ පහසුකම් සැලසූ, ඒකට සැලසුම් සකස් කරලා ප්‍රහාරය දියත් කිරීමට උදව් කළ කුමන්ත්‍රණයක් මේක පිටිපස්සෙ තියනවා කියන එක හිටපු නීතිපතිවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවා.
මේ කුමන්ත්‍රණය කුමක්ද කියන එක අපේ අනිවාර්යයෙන්ම හොයන්න ඕන. මේක සමූල ඝාතනයක් එතකොට අපි මේකේ ඝාතකයන් වගේම මෙම ඝාතකයන් මේ ඝාතකයන් පිටිපස්සේ ඉන්න පිරිස කවුද කියන එක හොයන්න ඕන. ඒක ව්‍යවහාරයේදී මේ දක්වාම හැඳින්වූයේ මහමොලකරුවන් විදිහට.
මේක ඝාතනයක් නම් මේක පිටිපස්සේ වෙන පිරිසකගේ සම්බන්ධකම් තියෙන්න ඕනේ. පාස්කු ප්‍රහාරය එදා දවසේ නිශ්චිත ස්ථානවලට එල්ල වෙන බවට තොරතුරු කලින් ලැබිල තිබුණා. නමුත් ඒ තොරතුරු වලින් ප්‍රයෝජන අරගෙන මේ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබියදී, කොටින්ම මේ ප්‍රහාරය සිදුවුනු විසි එක් වෙනිදා උදෑසන හය පමණ වන විට නිශ්චිත තොරතුරු ඇවිත් තිබුනා. කව්ද ප්‍රහාර එල්ල කරන්නේ කොහෙටද ප්‍රහාර එල්ල කරන්නේ කියලා. ඒක වලක්වා නොගැනීම මහා අපරාධයක්. ඒක පිළිබඳවත් විමර්ශනය සිදුවීම අත්‍යවශ්‍ය කරුණක්. කුමක් නිසාද සිද්ධ උනේ ඒ පිටිපස වෙනම අදහසක් තිබුනද කියන එක වෙනම හොයන්න ඕන. ඒකත් මිනීමැරුමක් වගේම අපරාධයක්.
ඊළඟ දේ තමයි මේ ප්‍රහාරය සිදු කළ සහරාන් ඇතුළු පිරිසට සහයෝගය ලබාදුන් තවත් පිරිසක් ඒ පිටිපස ඉන්නවා කියන එක තමයි මේ දක්වා අපි දකින තොරතුරුවල තියෙන්නෙත්. ඒ නිසා මෙහි සත්‍ය කුමක්ද කියන එක අපි සොයාගන්නට ඕන. ඇයි මෙවැනි ඝාතනයක් සිදු කළේ එතකොට ඒක පිටිපස්සේ කුමන්ත්‍රණකරුවන් හිටියනම් ඒ අය කවුද ඒගොල්ලන්ට තිබුණු වාසිය මොකක්ද.
එතකොට මේක අපි හොයාගත්තේ නැත්නම් මම හිතනවා මේ රටේ නීතියේ ආධිපත්‍යය ගොඩනගන්නට පුළුවන් කමක් නෑ. දැන් ප්‍රශ්නේ තිබුණේ පසුගිය අවුරුදු පහේදිම මේ සම්බන්ධව නිසි විමර්ශනයක් සිදු කළේ නෑ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ රජය මේ විමර්ශන කණ්ඩායම් තැනින් තැනට මාරු කරලා මේ විමර්ශන සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක් කළා. ඊට පස්සේ මේ දක්වාම විමර්ශන සිදුවුණේ නෑ. දැන් අලුත් ආණ්ඩුව ආවට පස්සේ අපි දකිනවා මේ විමර්ශන පිළිවෙලකට හරි විදිහට සිද්ධවෙන බව. ඒ නිසා අපි හැමතිස්සේම රජයට කියන්නේ රජයක් වශයෙන් හැමතිස්සෙම මේ විමර්ශන කණ්ඩායම් වලට උපරිම සහාය ලබා දෙන්න.
ඒ වගේම මේ සම්බන්ධව නීති කටයුතු කරගෙන යාමට නීතිපති දෙපාර්තමේන්තුව අපක්ෂපාතීව ස්වාධීනව සහ විනිවිද භාගයෙන් යුතුව මේකට සහයෝගය දැක්වීම අනිවාර්යයි. අපි තවමත් බලාපොරොත්තුවෙන් සිටින්නේ සත්‍ය. මේ අපරාධකරුවන් කවුරුන්ද කියන එක දැනගැනීමට මේ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සම්පූර්ණ කිරීමට අපි හිතනවා මේ රජය ඒ සඳහා සහයෝගය දක්වයි කියලා”