බස් රථ ධාවනයට ලංගමයෙන් අලුත් වැඩක්.!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දුරගමන් සේවා බස් රථ ධාවනයේදී ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කරයි.

ඒ අනුව පැය 06කට වඩා වැඩි කාලයක් ගතවන දුරගමන් සේවා ගමන් වාරයක් සඳහා ඩිපෝ දෙකක් සම්බන්ධ කර ගනිමින් බස් රථ දෙකක් යෙදවීමට සැලසුම් කර ඇති බව සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කරයි.

ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සිදු කළ පරීක්ෂණය අවසන් අදියරට ළඟා වී ඇති බවද සභාපති ජීවක ප්‍රසන්න තවදුරටත් සඳහන් කරයි.

මේ අතර රාත්‍රී කාලයේ ධාවනය වන දුර ගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
10 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments