By unusuma.lk on
(LK time)පෘථිවියේ තිබෙන මාරාන්තික දුපතක් ලෙස හැදින්වෙන මෙම දුපත නැරඹීමට කිසිදු පුද්ගලයෙක්ට අවසර හිමි නොවන අතර මෙම දුපත දකුණු බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් පිහිටා ඇත.
මෙම දුපත “සර්ප දූපත” ලෙස හඳුන්වනු ලබන අතර හෙක්ටයාර 43ක් (අක්කර 106) පමණ ආවරණය වන මෙම පාෂාණමය දූපතේ ඉතා විෂ සහිත සර්ප විශේෂ 4,000ක් පමණ සිටින බව සදහන් කරයි.
මෙම අධික විෂ සහිත සර්පයින් පෘථිවියේ මාරාන්තික සර්පයන් ලෙස සැලකෙන අතර එම සර්පයින් මීට වසර 11,000කට පමණ පෙර අයිස් යුගය අවසානයේදී මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම දූපතේ සිරවන්නට ඇතැයි විශ්වාස කරයි.
දුපතේ ක්ෂීරපායින් කිසිවකු ජීවත් නොවන අතර දඩයම් කිරීමට භූමි සතුන් සිටින්නේ ඉතා කුඩා ප්‍රමාණයක් බැවින් සර්පයන් ඔවුන්ගේ වාර්ෂික සංක්‍රමණයේදී දිවයිනට පැමිණෙන පක්ෂීන් අල්ලා ගැනීමට පුරුදුව සිටියි.
මෙම දුපතේ ජනාවාස නොමැති අතර අවසරලත් විද්‍යාත්මක ගවේෂණ වලට සහ දුපතේ පිහිටි ප්‍රදීපාගාරයේ නඩත්තු කටයුතු සඳහා පමණක් බ්‍රසීල නාවික හමුදාව විසින් අවසර ලබාදෙන අතර සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කර ඇත.
දුපතේ සිටින ඇතැම් සර්පයන් පෘථිවියේ වෙනත් කිසිදු ස්ථානයක දැක ගත නොහැකි අතර එම දුපතේ අවසන් වරට නිර්භීතවැසියන් කිහිප දෙනෙකු ජීවත්ව සිට ඇති නමුත් ඔවුන් සියලුම දෙනාව සර්පයන් විසින් මරා දමා ඇත.
එතැන් සිට මෙම දුපත සියලුම පුද්ගලයින්ට තහනම් කර ඇති අතර වාසස්ථාන අහිමි වීම, රෝග, නීති විරෝධී දඩයම් කිරීම සහ මෙම හුදකලා ජනගහනය තුළ වන අහිතකර බලපෑම් හේතුවෙන් ඔවුන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව විද්‍යාඥයෝ සදහන් කරයි.