By unusuma.lk on
(LK time)WhatsApp ඇතුළු සමාජ මාධ්‍යජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙසත් දැන්වීම් (Post) මගින් පුද්ගල දත්ත සහ මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම්දීමක් කරයි.
විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර්ජාතික ආයතන නාමයන් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාබදායි භාණ්ඩ online ක්‍රමයට ලබාදීම, රැකීරක්ෂා ලබාදීම ආදිය සදහා ලියාපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ WhatsApp පණිවුඩ මගින් OTP මුරපද (password) තොරතුරු ඉල්ලා එවන පණිවුඩවලින් ප්‍රවේසම් වන ලෙස දැනුම්දෙයි.
ව්‍යාජ වෙඩ් අඩවි, සමාජ මාධ්‍ය, SMS සහ WhatsApp හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම්කරුවන් ඔබ සමග සම්බන්ධ වීමට උත්සහ දරනු ඇති බවත් පසුව ඔවුන් ලබාදෙන links වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධ වන පුද්ගලයන්ගේ පරිගණක, ජංගම දුරකථනවල ඇති දත්ත සොරා ගැනීමෙන් විවිධ අපචාර හා මුදල් වංචා සිදුකරන බවද සදහන් කරයි.
WhatsApp පණිවුඩ මගින් එවනු ලබන “OTP password” තොරතුරු ඉල්ලා සිටීම මගින් ඔබගේ whatsApp ගිණුම අපරාධකරුවන්ගේ පාලනයට ගෙන එමගින් ඔබගේ WhatsApp ගිණුම භාවිත කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතුවල නිරත වේ.