දකුණු කොරියානු ජනපති හිතුවාටත් වඩා ඉක්මනට යන්නම යයි.!

හදිසියේම දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කළ ජනාධිපති යුන් සොක් යොල්ට එරෙහිව ජාතික සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමග ජනාධිපතිවරයාට සිය ධූරය අහිමි විය.

ජාතික සභාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 300 දෙනාගෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 204ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 85ක් පමණක් වන අතර ඡන්ද 08ක් අවලංගු වී මන්ත්‍රීවරු තිදෙනෙකු පැමිණ සිටියේ නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දශකයකට අඩු කාලයකදී දකුණු කොරියානු නායකයෙකු දෝෂාභියෝගයකට මුහුණ දුන් දෙවන අවස්ථාව වන අතර එයින් අදහස් වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දුව අවසානයේ විනිශ්චය කරන තෙක් ජනාධිපතිවරයා සිය බලතල ක්‍රියාත්මක කිරීමෙන් අත්හිටුවන බවයි.

ජනාධිපති යුන් සොක් යොල්ට සිය ජනාධිපති ධුරය අහිමිවිම හේතුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටත සහ රට පුරාම ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් සතුට සැමරූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය කටයුතු ස්ථාවරව ක්‍රියාත්මක කිරීම සදහා තමාගේ සියලු ශක්තිය සහ උත්සාහය කැප කරන බව දකුණු කොරියානු නීතිය යටතේ වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරන රටේ අගමැති හැන් ඩක්-සූ මාධ්‍ය හමුවකදි සදහන් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.