By unusuma.lk on
(LK time)රත්කළ විදුලි ඉස්ත්‍රික්කයෙන් පුළුස්සා බරපතළ තුවාල සිදු කළ සැමියෙකු ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගලගෙදර මහෙස්ත්‍රාත් හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා නියම කර ඇත.
ඊට හේතුව වී ඇත්තේ සිය බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හෙළි වීම බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ඇයගේ රහස් ප්‍රදේශයට සිදු වී ඇති බරපතළ පිළිස්සුම් හේතුවෙන් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බිරිඳගේ තත්වය බරපතල වීම හේතුවෙන් සැමියා නැවත මෙසේ බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු හතරලියද්ද පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙකි.
හතරලියද්ද පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.