By unusuma.lk on
(LK time)විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මාලඹේ සිට අඹතලේ දක්වා මාර්ගයක සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් අද ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන නවතා සොරුන් කොල්ලකන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මෙම පියවර ගෙන ඇත.
චන්ද්‍රිකා කුමාරතුංග මාවත ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත්, CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීමටද තීරණය කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන මෙම ප්‍රදේශය මුල්ලේරියාව සහ මාලඹේ ප්‍රාදේශීය සභා යටතට පැවරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව ඇත.