ධාතු පරිත්‍යාගශීලීන්ගේ දිගු පෝලිම්.!

කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ මෙරට මඳසරු භාවයෙන් දුක්විඳින යුවළ සඳහා ස්ථාපිත කර ඇති ශුක්‍රාණු බැංකුව සඳහා මේ වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මස මුල් සතියේ ආරම්භ කරන ලද මෙම ශුක්‍රාණු බැංකුව සඳහා මෙතෙක් ලියාපදිංචි වී සිටියේ පරිත්‍යාගශීලින් 20 දෙනකු පමණ වන බවත්, ඒ පිළිබඳව මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබීමත් සමග පසුගිය සතියේ සිට ඒ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවත් වෛද්‍යවරයා කීය.

එමෙන්ම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සඳහා තොරතුරු විමසමින් දිනකට විශාල ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවද හෙතෙම පවසයි.

මඳසරුභාවය පිළිබඳ ගැටලු ඇති මව්වරුන් දෙසියයකට ආසන්න පිරිසක් මසකට සායනයට පැමිණෙන අතර මෙම ශුක්‍රාණු බැංකුව ස්ථාපිත කිරීමේ ප්‍රධානම අරමුණ වී ඇත්තේ, මඳසරුභාවය නිසා දරුඵල අහිමි යුවළ සඳහා දරුඵල ලබා දීමයි.

මෙහිදී ශුක්‍රාණු ප්‍රදානය කරන තැනැත්තාගේ මෙන්ම ඒවා තැන්පත් කරන මව්පියන්ගේ රහස්‍යභාවය දැඩිව ආරක්ෂා කරන බවත්, ආරම්භයේ පටන් මෙම බැංකුව ඉතා සාර්ථකව පවත්වාගෙන යන බවත්, වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුව කැමැති පියවරුන්ට මේ බැංකුව සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කළ හැකි අතර 0112678599 සහ 0112672216 යන දුරකථන ඔස්සේ මෙම බැංකුව සමග සම්බන්ධ වීමේ හැකියාව පවතී

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...