By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම අවබෝධතා ගිවිසුම අනුව දෙර්ට අතර ඇති කර ගනු ලබන සහයෝගීතාවය මත චීන මාධ්‍ය සමූහයේ අති නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම යොදා ගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම සිදුකිරිම මෙහි අරමුණයි.
ඒ අනුව චීන මාධ්‍ය සමූහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර මෙම ගිවිසුම අත්සන් තැබීමට යෝජනා වී ඇත.
එම ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත..