වනජීවී දෙපාර්තමේන්තුව විසින් වන අලින්ගේ සංචරණ කළමනාකරණය කිරීම සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට තීරණය කර ඇත.
මෙම මෙහෙයුම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, වනඅලින්ට GPS කරපටි පැළඳීම හරහා ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරනා අතර වන අලින් ගමන්ගන්නා ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීම මගින් අලි-මිනිස් ගැටුම් අවම කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ වන අලින් භෝග වගාවන්ට හානි කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙස සැලකෙනා අතර අනුරාධපුර දිස්ත්රික්කයේ අලි-මිනිස් ගැටුම් උග්‍රව පවතින දිස්ත්‍රික්කයක් වේ.
අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන අලිමංකඩ 05ක් මේ වනවිට මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිර වී ඇත. මෙම අලි මංකඩවල් නිදහස් කිරීම මගින් මිනිස්-අලි ගැටුම් 50%කින් අවම කිරීමට හැකි යැයි අපේක්ෂා කෙරේ.
GPS කරපටි යොදාගැනීම මගින් වනඅලින්ගේ චලනයන් නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග පුරෝකථනය කිරීමට හැකි වේ. මෙම තාක්ෂණය භාවිතා කිරීම මගින් ගම්මානවලට අලින් ළඟා වීමට පෙර අනතුරු ඇඟවීමේ හැකියාව ලැබේ. මෙය මිනිස්-අලි ගැටුම් අවම කිරීමට ඵලදායී ක්‍රමවේදයක් ලෙස සැලකේ.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේදී GPS කරපටි යොදාගැනීම මගින් මිනිස්-අලි ගැටුම් සාර්ථකව කළමනාකරණය කර ඇති අතර, මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේදී ද ඵලදායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වනජීවී දෙපාර්තමේන්තුව වනඅලින්ගේ චලනයන් කළමනාකරණය කිරීම සඳහා තවත් අලිමංකඩ නිදහස් කිරීම සහ GPS තාක්ෂණය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම පියවර මගින් මිනිස්-අලි ගැටුම් අවම කිරීම සහ වනඅලින්ගේ සංරක්ෂණය සහතික කිරීමට අපේක්ෂා කෙරේ.