එන වසරේ සිට සා.පෙළ උ.පෙළ සැළැස්ම වෙනස් වෙයි.!

අද (8) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනා බවයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අගමැතිවරියගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.

ඒ අනුව කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට 2026 වර්ෂයේ සිට විභග සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි අතර විභාග නිසි කාලය තුළ සිදු කිරීමට හැකි බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවැසීය

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.