දුම්රිය ප්‍රමාදයට තිත.. බිමල් වැඩ අල්ලයි.!

දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය / බිමල් රත්නායක අමාත්‍ය / දුම්රිය ප්‍රමාද ගැටළුව / දුම්රිය සේවක හිඟය / නව දුම්රිය ව්‍යාපෘති

දුම්රිය මූලස්ථානයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට නියමිත බවත් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසදුම් ලබාදෙන බවය.

මරදාන දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ මහත් ගැටළුවක්ව පවතින දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය දෝෂ වළක්වා ගැනීමට රජයේ අවධානය යොමුවී ඇති බවත්, දුම්රිය සේවය දියුණු කරගැනීම වෙනුවෙන් මේ වනවිට අයවැය යෝජනා ද ඉදිරිපත් කර ඇති බවත්ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.