By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසන්නේ, පසුගිය රජයන් වල හිටපු ඇමතිවරුන් 15 දෙනකු විසින් සිය විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බවයි.
තොරතුරු දැන ගැනීමේ පනතේ යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලැබුණු පිළිතුරු වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.
2019-2020 කාල සීමාව තුළ එම අමාත්‍යවරුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා වෙන්කරනු ලැබ තිබූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66ක් වන අතර එම අමාත්‍යවරුන් සහ භාවිතා කළ ගුවන් ගමන්වාර ප්‍රමාණයන් පහත පරිදිය,
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගුවන් ගමන් වාර දහයක්ද
හිටපු අමාත්‍ය දයාගමගේ මහතා ගුවන් ගමන් වාරයක්
හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ගුවන් ගමන් වාර තුනක්
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගුවන් ගමන් වාර හයක්
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගුවන් ගමන් වාරයක්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගුවන් ගමන් වාර තුනක්
හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ගුවන් ගමන් වාර තුනක්
හිටපු අමාත්‍ය අමාත්‍ය එම්.එච්.එම් හලීම් මහතා ගුවන් ගමන් වාරයක්
හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගුවන් ගමන් වාරයක්
හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්බාල් මහතා ගුවන් ගමන් වාර දෙකක්
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගුවන් ගමන් වාරයක්
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් පනාන්දු මහතා ගුවන් ගමන් වාරයක්
හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන් ගමන් වාර හයක්
හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගුවන් ගමන් වාර විසිපහක්
හිටපු අමාත්‍ය අලිසබ්රි මහතා ගුවන් ගමන් වාර දෙකක්
මෙම ගුවන් ගමන් අතරින් වැඩි ප්‍රමානයක් සඳහා පිරිවැය රජය විසින් දරා තිබෙන බව වාර්තා වේ.
මේ අතර 2003 වසරේ සිට සේවාවන් ලබාගත් රාජ්‍ය ආයතන දහයක් ශ්‍රීලංකා ගුවන් හමුදාවෙන් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක් අයකර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය විය.
News Source – Lankadeepa