By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාව ඇතුළු රටවල් වලින් ඇමරිකාව වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත් අතර එම තීරණයත් සමඟ රටවල් රැසක ආර්ථික ස්ථායීතාව සම්බන්ධයෙන් අර්බුද ගොඩනැගෙනු ඇති බවට ලොව පුරා කතා බහකට ලක්ව තිබේ.
මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පැවතියේ 12.2%ක තීරුබදු පැනවීමක් පමණක් වූ අතර 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකාව තුළත් දැවැන්ත සංවාදයක් ඇතිවී තිබෙනා අතර රජය පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොතිබුනි.
කෙසේවෙතත් මේ පිළිබඳ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා යම් අදහසක් පලකර තිබේ. ඔහු පවසන්නේ අමෙරිකානු පරිපාලනය විසින් පනවන ලද නව තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් 09 වන දිනට පෙර යම් සහනයක් ලබා ගැනීමේ හැකියාව තිබේ දැයි සොයා බැලීමට රජය අපේක්ෂා කරන බවයි.
එමෙන්ම මෙය ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් සිදු කළ ක්‍රියාවලියක් නොවන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
“මෙම තීරු බදු ලංකාව ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙමෙයි. ඔවුන් වෙළෙඳාම කරන සියලු ම රටවල් ඉලක්ක කරගෙන මෙම තීරු බදු ඉහළ දැමීම සිදු කරලා තියෙනවා.”
“මේ තත්ත්වය සැලකිල්ලට ගෙන අපි සාකච්ඡා සිදු කරනවා. අපි මේ වනවිටත් යම් ආකාරයක අදහස් හුවමාරු කරගෙන තියෙනවා. අප්‍රේල් 9 වන දාට පෙර සාකච්ඡා කර යම් කිසි සහනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා “
- 1650 Readers
, 1