යුද හමුදාවේ පිරිස් බලය අඩු කරයි.!

යුද හමුදාවේ පිරිස් බලය නියමිත ප්‍රමාණයට අඩුකර ගැනීම සිදුකරන බවත් එය සිදුවන්නේ ක්‍රමානුකූල ස්වභාවික ක්‍රමවේදයකට බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් කේ.ඒ.එන්. සිසිර සදහන් කරයි.

දැනට එක් ලක්ෂ හතලිස් තුන් දහසක් පමණ වන යුද හමුදාවේ පිරිස් බලය 2030 වසර වනවිට එක් ලක්ෂ තිස් දහසක අඩුකර ගැනීමට සැලසුම් කර ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එක් ලක්ෂ හතලිස් තුන් දහසක්වන යුද හමුදා සාමාජිකයින්ගෙන් කිසිවෙක් රැකියා වලින් ඉවත් නොකරන බවත් ස්වභාවික විදිහට මෙම පාලනය කිරීම සිදුකරන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කළේ,

“යුද හමුදාවේ පිරිස් බලය අඩු වෙමින් පවතිනවා. විශේෂ අඩු කිරීමක් කරන්නෙ නෑ. විශ්‍රාම යන ප්‍රමාණයට අනුව බඳවා ගැනීම් අඩු කලා තියනවා. මේ අවුරුද්දේ නිත්‍ය බල සේනාවට බඳවා ගන්නේ 3000යි. ස්වේච්ඡා බල සේනාවට බඳවා ගන්නේ 1000යි. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් විශ්‍රාම යනවා. ඒක ස්වභාවිකව වෙන අඩුවීමක්. වර්ෂ 2030 වනවිට එක් ලක්ෂ තිස් දහසක පරිස් බලයක් දක්වා යුද හමුදාව පැමිණෙයි කියලා බලාපොරොත්තු වෙනවා මේ යන විදිහට.”

ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් කේ.ඒ.එන්. සිසිර මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.