By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 38යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කට ලකුණු 232ක් රැස්කරගැනීමට නියමිතව තිබුණේය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 234ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළේය.