ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි විරෝධය හමුවේ සිංහ පෝතකයින්ගේ කෙරුවාව.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පසුගිය එංගලන්ත සමග පැවති විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතියි.

එංගලන්තය සමග පැවති අවසන් විස්සයි විස්ස තරග ජයග්‍රහණය කිරීමට තිබු අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ගිලිහි යාම පිතිකරුවන්ගේ නොසැලකිල්ල නිසා බව ක්‍රිකට් ලෝලීන් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසයත් සමග අද (07) දින සිට ආරම්භ කරන 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මුහුණ දීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් අද සිට ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවන බව ඇතැම් ක්‍රිකට් ලෝලීන් සඳහන් කරයි.

බොහෝ ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිය විරෝධය එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රචාරය වේ.

තවද ඇතැම් ක්‍රිකට් ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට නොයා යුතු බවට යෝජනා කර ඇත.

ක්‍රීඩා පිටියේ නිසි ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කර වෙනත් දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදිය යුතු බවටද ක්‍රිකට් ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තම වගකීම හරිහැටි ඉටු කරමින් ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරනවාද.? නැද්ද.? යන්න අපට ඉදිරියේදී දැකගැනීමට හැකිය.

5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments