ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ කාගෙවත් බූදලයක්, කාටවත් සල්ලි හම්බ කරන්න ගොඩනගපු බිස්නස් එකක් නෙමෙයි. එහෙත් දැන් ක්‍රිකට් කරවන මහත්තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් තම අල්ලේ නටවන තත්ත්වය පත්කරගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කරවන මහත්තුරු කරපු දුෂණ අක්‍රමිකතා ගැන රටටම හෙළිකර තිබියදී සහ කෝප් කමිටුවේදී මේ සම්බන්ධව හෙළිදරව් කළද තවමත් ඔවුන් ක්‍රිකට් හරහා බිස්නස් කරමින් සිටියි.
දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලසුන දරන සභාපති ඇතුළු අනෙකුත් තනතුරු දරන සියලුම දෙනා බලය තහවුරු කරගැනීමට ක්‍රීඩා පනත් පවා වෙනස් කළේය. රට ගැන කිසිදු හැගීමක් නැති ඔවුන් මේ වනවිටත් ක්‍රිකට් හරහා බිස්නස් කරමින් සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ රටේ ජනතාවට ආගමක් වගේ. ජනතාවට සතුටු වෙන්න තිබුණ එකම අවස්ථාව තමයි ක්‍රිකට්. මෙතරම් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කළ මහත්තුරු කියන පුද්ගලයින් තවමත් එම තනතුරුවල සිටිය යුතුද.?
එම පුද්ගලයින්ගේ පදේට නටන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නාමය විනාශ කරමින් රට ගැන නොසිතා තම ආදායම් ගැන පමණක් සිතා ක්‍රීඩා කරමින් රටේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ බොරුවට කිඹුල් කඳුලු හලයි.
ක්‍රීඩකයින්ගේ මෙම රගපෑම සහ රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීම නිසා වැටෙන්න ඕන උපරිම පහළට ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී අවසන්. එනිසා තවදුරටත් ලංකාවේ ක්‍රිකට් වැටෙන්න නොදී අඩියක් හරි ඉදිරියට ගන්න යම්කිසි තීන්දු තීරණ ගත යුතුයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයිනි, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඔබේ වගකීමක්. ඔබ රටට සෙල්ලම් කරන්නේ අපේ රටේ බත් කාලා. එනිසා කන බත් පතටවත් නිගා නොකර, සල්ලි පස්සේ පන්නන්නේ නැතිව රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න.
ලංකාවේ දක්ෂ ක්‍රිඩකයින් ඉන්නවා ජාතික කණ්ඩායමට සෙල්ලම් කිරීමට බලාපොරොත්තුවෙන්. එනිසා තමන් හරියට ක්‍රීඩා කරන්නේ නැතිනම්, රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැරිනම් දක්ෂයින්ට ඒ තැන ලබාදී කණ්ඩායමෙන් ඉවත් වෙලා ගෙදර යන්න.
මේ අතර හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කළේ, රොෂාන් මහනාම, අරවින්ද ද සිල්වා හෝ ජනාධිපතිවරයෙක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් නිලවරණය සඳහා තරඟ වැදුනහොත් කිසිදු ආකාරයකින් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඒ සඳහා කිසිඳු කෙනෙකුට අඟිලි ගැසිය නොහැකි බවත් එවැනි ස්වාධීන තත්වයක් යටතේ පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නොමැති බවද හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සඳහන් කරයි.
