By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් (20) දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන X පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
රටේ ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවද මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සදහන් කරයි.
රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බවත් රට බංකොලොත්භාවයෙන් ඉවත්වීම තුළ ආරම්භ වන නව ගමනට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවද ලේකම්වරයා සදහන් කරයි.