By unusuma.lk on
(LK time)දීර්ඝ සාකච්ඡාවලින් පසුව විස්තීර්ණ ණය පහසුකමට හා ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.
විධායක මණ්ඩලයේ සමාලෝචනය අවසන් වු පසු ණය මුදලට අදාළ පස්වන වාරිකය වන ඩොලර් මිලියන 344 මුදාහරිනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ධූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ සඳහන් කරයි.
පිරිවැය ගැලපුම් ක්‍රමවේදයට අනුගතව විදුලිය ගාස්තු පවත්වාගෙන යාම සහ ප්‍රමාණවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රගතිය පිළිඹිබු කිරීම මෙම එකගතාව කෙරෙහි බලපානු ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවළිය අඛණ්ඩව පවත්වාගෙන යාම අගය කරන බවත් පසුගිය 2024 වසරේදී අර්බුදයෙන් පසු ආර්ථික වර්ධනය සියයට 5 කින් ඉහළ යාම ප්‍රශංසනීය ප්‍රතිඵලයක් බවද එම නිවේදනයේ සඳහන් වේ.