By unusuma.lk on
(LK time)දිවයිනේ සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.
රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වන ‘Clean SriLanka’ ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු කරයි.
විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන සවිරාම වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, නීති විරෝධී සවිකිරීම, ඝෝෂාකාරී නළා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු, අලාභ ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරයි.
සෑම පොලිස් බල ප්‍රදේශයකම දිනකට පැය 03 බැගින් මෙහෙයුම් 02ක් සිදුකළ යුතු බවත් පොදු ප්‍රවාහන සේවා රථ පරීක්ෂා කිරීමේදී මගීන් අපහසුතාවට පත්නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.