By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook, TikTok, instagram, youtube සහ x යන ගිණුම් ඊයේ (30) දින සයිබර් ප්‍රහාරයකට ලක්වීමෙන් එහි පාලනය වෙනත් පාර්ශවයක් වෙත යොමුවිය.
ඒ සම්බන්ධව පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ වනවිට නිල facebook, TikTok, instagram, X යන ගිණුම් නැවත ශ්‍රී ලංකා පොලීසියේ පාලනය යටතට ගෙන ඇති බවයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොලිස් නිල youtube නාලිකාව මෙතෙක් ශ්‍රී ලංකා පොලීසියේ පාලනයට නතුවී නොමැති අතර එය යථාතත්ත්වයට පත් කරගැනීම සඳහා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කරමින් සිටි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, එම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.