වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි.!

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන තිබේ. 

ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

මේ සමඟ 2024 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිසි බලධාරියා ලෙස පත් කළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුගේ පත්වීම ද වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. 

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි සංගමයේ පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇත. 

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායකගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා ඇතුළත් සෙසු සාමාජිකයින් වන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්,විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්.ලතීෆ්,ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික රොහාන් අභයකෝන් යන අයයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
\r\n <\/div>\r\n<\/div>\r\n","isUserRated":"0","version":"7.6.30","wc_post_id":"126446","isCookiesEnabled":"1","loadLastCommentId":"0","dataFilterCallbacks":[],"phraseFilters":[],"scrollSize":"32","url":"https:\/\/unusuma.lk\/wp-admin\/admin-ajax.php","customAjaxUrl":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/utils\/ajax\/wpdiscuz-ajax.php","bubbleUpdateUrl":"https:\/\/unusuma.lk\/wp-json\/wpdiscuz\/v1\/update","restNonce":"d75ea90eb3","is_rate_editable":"0","menu_icon":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg.svg","menu_icon_hover":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg_hover.svg","is_email_field_required":"0"}; var wpdiscuzUCObj = {"msgConfirmDeleteComment":"Are you sure you want to delete this comment?","msgConfirmCancelSubscription":"Are you sure you want to cancel this subscription?","msgConfirmCancelFollow":"Are you sure you want to cancel this follow?","additionalTab":"0"}; /* ]]> */ -->