By unusuma.lk on
(LK time)අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරනු ලබන දඩ පත්‍රිකාව ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා ආරම්භ කර ඇති නියමු ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි.
එහිදී අදහස් දක්වමින් ICTA හි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පැවසුවේ කුරුණෑගල සිට අනුරාධපුර දක්වා තිබෙන පොලිස් ස්ථාන 11ක් සම්බන්ධ කරගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය සිදුකළ බවය.
මෙම නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු සියල්ල සූදානම් බවද ඔහු මෙහිදී පැවසීය.
ඒ අනුව අන්තර්ජාලය හරහා දඩ මුදල් ගෙවීම සම්බන්ධව අදහස් දැක්වූ හර්ෂ පුරසිංහ මහතා,
“අපි නිර්මාණය කළා Govepay හරහා කොහොමද දඩ පත්‍රිකාව ගෙවන්නේ කියලා අත්පත්‍රිකාවක්. දඩ පත්‍රිකාවට අමතරව ඒ පත්‍රිකාවත් අපි භාර දෙනවා. ඒ පත්‍රිකාවේ පියවරෙන් පියවර පැහැදිලි කරලා තියෙනවා කොහොමද ගෙවන්නේ කියලා. තමන්ට ඒ වෙලාවෙම තමන්ගේ අන්තර්ජාල බැංකු පහසුකම හෝ බැංකු මොබයිල් ඇප් හරහා මේ ගෙවීම කරන්න ඉතාම පහසුවෙන් පුළුවන්.
එතැනදි Govepay ඔප්ෂන් එක සිලෙක්ට් කළාම කළින් තිබ්බ ආයතනවලට අමතරව ශ්‍රී ලංකා පොලීසිය සිලෙක්ට් කළාම එතැන ට්‍රැෆික් ෆයින්ඩ් එක සිලෙක්ට් කළාම දඩ මුදලේ ආකෘති පත්‍රයක් ඩිජිටලි පෙන්වනවා. එතැනදි ඒ අවශ්‍ය දේවල් පුරවන්න තියෙන්නේ. තමාගේ ලයිසන් ප්ලේට් නම්බර් එක, රියදුරු බලපත්‍ර අංකය, ඒ දඩ පත්‍රිකාවේ තියෙන රෙෆරන්ස් නම්බර් එක සහ දඩ පත්‍රිකාවේ තියෙන සියලුම වරදවල් ලිස්ට් කරපු ඩ්‍රොප් ඩවුන් එකක් තියෙනවා ඒකෙන් සිලෙක්ට් කරගන්න තියෙන්නේ තමන්ට අදාළ වරද මොකක්ද කියලා.
අපි සුවිශේෂි වැඩක් කළා පොලීසියෙන් ආපු ඉල්ලීමකින්. දැන් කෙනෙක්ට දඩ පත්‍රිකා දෙකක් දෙන්න පුළුවන්. දෙක තුනක් වුණත් සිලෙක්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කළාම ස්ව්‍යංක්‍රීයවම ඒ මුදල පෙන්වනවා. අපි සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථන ලබා දීලා තියෙනවා ඒ නම්බර් එක දාලා Pay කළාම පේමන්ට් එක යනවා. ඒ වෙලාවෙම ඒකට රිසිට් එකක් එනවා. අර ඉන්න පොලිස් ඔෆිසර්ට එවෙලෙම Govepay ශෝර්ට් කෝඩ් කේතය යටතේ SMS මාර්ගයෙන් ඒ පේමන්ට් එක ලැබුණු බවට තහවුරු කරන මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ සියලු විස්තර තියෙනවා. ඊට පස්සේ තමන්ගේ රියදුරු බලපත්‍රය කලෙක්ට් කරගෙන යන්න තමයි තියෙන්නේ..”