නොහික්මුනු බස් රියදුරන් නිසා බස් හිමියන් ලෝක අමාරුවක වැටෙයි.!

පසුගියදා ක්ලීන් ශ්‍රී ලංකා රථවාහන මෙහෙයුම් අතරතුර නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර – පිටකොටුව බස් රථයේ හිමිකරු, රියදුරා සහ කොන්දොස්තරවරයාට එරෙහිව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව අදාළ රියදුරාගේ සහ රිය සහයකවරයාගේ සේවය ජනවාරි 15 වනදා දක්වා අත් හිටුවීමට පියවර ගෙන ඇති අතර, රියදුරාට සහ කොන්දොස්තරවරයාට දඩ මුදලක්ද පනවා ඇත.

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසන්නේ එම කාලය තුළ ඔවුන් දෙදෙනා වෙනත් බස්රථයක සේවය කළහොත් අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරනා බවයි.

එමෙන්ම, ජනවාරි 21 වනදා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් පවත්වන පුහුණුවක් සඳහා ඔවුන් දෙදෙනාව කැඳවීමටද කටයුතු කර තිබේ.

මේ වනවිට අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය පරීක්ෂණයකට යටත්ව තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

එමෙන්ම එම අධිකාරිය පවසන්නේ, ඉදිරියේදී විනය විරෝධී ලෙස කටයුතු කරනා නොහික්මුනු රියදුරන් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කිරීමටත් එවැනි රියදුරන් සේවයේ යොදවන බස් රථ හිමියන්ගේ මාර්ග බලපත්‍ර අවලංගු කිරීම දක්වා අවශ්‍යනම් කටයුතු කිරීමටත් පසුබට නොවන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.