මහ පාරේ සෙල්ලම් වලට ක්‍ෂණික ප්‍රතිචාර.. ට්‍රැෆික් පොලිස් ඩිජිටල් වෙයි.!

අද (01) පොලිස් මූලස්ථානයේදී ජනපතිවරයාගේ ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දුන් e-Traffic ජංගම දුරකථන යෙදුම වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අතින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමේ හැකියාව පවතී.

මේ වනවිට එම යෙදුම ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස බාගත කර ගැනීමට හැකියාව පවතින අතර ඒ මඟින් ජනතා පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු වන බව පොලීසිය පවසයි.

දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහාය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරෙනා අතර මෙම යෙදුමේ ඇති Camera හෝ Vedio Option භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට යෙදුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි වෙයි.

එම තොරතුරු මත සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කෙරෙනා අතර එම විමර්ශන කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.