By unusuma.lk on
(LK time)දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට මගීන්ට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.
මෙම ව්‍යාපෘතිය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා අනුබද්ධව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබන බව වාර්තා වේ.
ඒ අනුව ලබන අප්‍රේල් මාසයට පෙර මෙම නව කාඩ් පත හඳුන්වා දීමට මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බවත් අදාල ස්මාර්ට් කාඩ්පත් භාවිත කරන මගීන්ට සෑම දුම්රිය ස්ථානයකින්ම දුම්රිය වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් සවිකිරීමට නියමිත බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
එම නවීන කාඩ්පත් පරීක්ෂාකිරීමට අදාළ තාක්ෂණික දැනුම පුහුණුවක් හරහා දුම්රිය නිලධාරීන්ට ලබාදීමටද නියමිතයි.