2026 රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
වෙසක් උත්සවයට සමගාමීව මැයි මස (27) වනදා සිට ජූනි මස (02) වනදා දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (31) සඳහන් කරයි.

