වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට ස්ථානාධිපතිවරුන් ඉවත් කරයි.!

අද (01) දිනයේ සිට කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලු දුම්රිය ස්ථානාධිපතිවරු වහාම ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කරයි.

දුම්රිය ස්ථානාධිපති සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීම සහ ස්ථානාධිපතිවරුන්ගේ ගැටළු විසඳීමට පියවර නොගැනීමට විරෝධය පළ කරමින් එම තීරණය ගත් බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments