බොර දියේ මාළු බාන අයට එරෙහිව හදිසි නීතිය.!

උසස් පොලිස් නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබාදෙමින් පැවසූවේ සමාජ මාධ්‍යවල ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

“සමාජ මධ්‍ය ගත්තාම ඉතාම නරක විදිහට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරයේ තෝරාගත් කිහිපදෙනෙක්ටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ලකරමින් යනවා. එතකොට මේක තව වර්ධනය වෙන්න පුළුවන්. මේක දැන් විදෙස්ගතව ඉන්න පුද්ගලයෝ සමාජ මාධ්‍යවල මේක විශේෂයෙන් කරන්නේ.

මේක සාමාන්‍යකරණ වෙන්න පුළුවන් තව දවසක් දෙකක් යනකොට රටේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි එතකොට මේ හදිසි අවස්ථා රෙගුලාසිවල පැහැදිලිවම මේ තත්ත්වය ආවරණය කරලා තියෙනවා. හෞතිකව, online මගින්,   AI තාක්ෂණය මගින් ඒ ආකාරයේ කිසිදු දෙයකින් මේ ව්‍යසනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අසත්‍ය අදහස්, විකෘති කිරීම්, මේ තත්ත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිදු කෙනෙකුට එහෙම ප්‍රචාර කටයුත්තක් කරන්න බැහැ.

එහෙම කරන කෙනෙකුට අවුරුදු 05කට වැඩි සිරඬුවමක් දෙන්න හැකියාව තියෙනවා. ඊට අමතර වැරදිවලට අවුරුදු 10ක් දක්වා සිරඬුවම් දෙන තැනකට ගෙන්න පුළුවන්.”                 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහාතා, පවසා සිටියේ, “අද සමාජ මාධ්‍ය බැලුවහම ජනාධිපතිවරයාට එල්ලකරලා තියෙන ප්‍රහාර ඇත්ත වශයෙන්ම මනුෂ්‍යයෙක් හැටියට මේක ධරාගන්නත් බැහැ.

ඒ තරම් මේ සමාජය විකෘති කිරීමේ අර්ථියෙන්, විකෘත්ති මානසිකත්වයෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. අපි ආණ්ඩුවක් ලෙස ඉහළම, හොඳම ආදර්ශය සපයලා තියෙනවා රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන්. එහෙම තියෙන වටපිටාවක් ඇතුළේ තමයි මේ මහජන මතය විකෘති කිරීමේ අරමුණෙන් මේක කරන්නේ. ඒ නිසා අපි කියනවා රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව කටයුතු කිරීමට සියලුම පුරවැසියන් බැඳිලා ඉන්නවා. එසේ නොකරන පුරවැසියන් සම්බන්ධයෙන් අපට ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා” යනුවෙනි.

5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments