By unusuma.lk on
(LK time)කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය පවසන්නේ පසුගිය ජනාධිපතිවරණ නාමයෝජනා භාරදෙන දිනයේ ලංගම බස් රථයකින් හොරණ ඩිපෝවේ සිට බොරැල්ල මැතිවරණ කාර්යාලය වෙත ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කළ බවයි.
එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයකින් බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු මෙසේ වැඩ තහනමට යටත් කර ඇති බව වාර්තා වේ.
මෙම වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු, සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකුයි.
NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථය රැගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට විමර්ශණ වලින් හෙලි වීමෙන් පසු මෙම වැඩ තහනමට ලක් කර ඇත.