කාළගුණය

අද සිට වැස්ස වැඩිවෙයි.!

අද සිට වැස්ස වැඩිවෙයි.!

ශ්‍රී ලංකාවේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය අද (ජුනි 8) සිට ඉදිරි දින කිහිපය තුළදී තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විවිධ අවස්ථාවල වැසි අපේක්ෂා කෙරේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැක.

මෙම ප්‍රදේශවලට අමතරව වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

තවද, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 අතර තද සුළං අපේක්ෂා කෙරේ.

Loading

බස්නාහිර පාසැල් රැසක් හෙටත් වැසේ.!

බස්නාහිර පාසැල් රැසක් හෙටත් වැසේ.!

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ පවතින කාළගුණ තත්ත්වය යහපත් නොවීම මත කොළඹ දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත සහ කොලොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් හෙට (06) දිනයෙත් වසා තැබීම කටයුතු කරන බවයි.

එම කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර පළාත තුළ සුරක්ෂිතතා මධ්‍යස්ථාන පවතින පාසල් ද හෙට දිනයේ නොපැවැත්වෙන බවයි.

Loading

ඉදිකිරීම අනවසර නම් ආපදා සහන අහිමියි.!

ඉදිකිරීම අනවසර නම් ආපදා සහන අහිමියි.!

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ, නීත්‍යානුකූල අනුමැතියකින් තොරව කඳු ආශ්‍රිතව ඉදිකරන ලද ගෙවල් අනවසර ඉදිකිරීම් ලෙස සලකන්නට සිදුවන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ කඳු ආශ්‍රිත නිවාස ඉදිකිරීමෙදී අදාල ආයතන හරහා නීත්‍යානුකූලව අවසර ලබාගත යුතු නමුත් එලෙස අනුමැතිය නොගත් නිවාස බොහොමයක් පවතින බවයි.

ආපදා සහනාධාර ලබාදීමේදී එම අනවසර ඉදිකිරීම් සහිත නිවාස සඳහා වෙනසක් සිදු කරන්නට සිදුවෙනු ඇතැයි ඔහු පැවසීය.

Loading

අයහපත් කාලගුණය බිලිගත් ජීවිත සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට.!

අයහපත් කාලගුණය බිලිගත් ජීවිත සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට.!

අද උදෑසන වාර්තා වූ මරණයක් සමඟින් මෙරට අයහපත් කාලගුණික තත්වය හේතුවෙන මියගිය සමස්ථ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්ත්වේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මියගිය අයගේ පවුල්වලට අවමංගල්‍ය කටයුතු සඳහා මූලික වශයෙන් රුපියල් 25,000ක් ප්‍රදානය කර ඇති අතර තවත් වන්දි මුදලක් ලබාදීමට සාකච්ඡා කරමින් පවතින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ නිවාස 71කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 93,770කට අර්ධ හානි සිදුව ඇති බවයි.

එම නිවාසවලට සිදුව ඇති අලාභය ඇස්තමේන්තු කිරීමට පියවර ගෙන ඇති බවත් ඇස්තමේන්තු කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු විපතට පත් වූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Loading

රෞද්‍ර කාලගුණය තවත් ජීවිත රැසක් බිලි ගනී.!

රෞද්‍ර කාලගුණය තවත් ජීවිත රැසක් බිලි ගනී.!

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී ඇති බවයි.

එමෙනම් තවත් පුද්ගලයින් 41 ක් විවිධ අණතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කරුණු දක්වමින් රාජ්‍යය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මේ වනවිට රජය විසින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන 116ක පවුල් 2,368කට අයත් පුද්ගලයින් 9,248ක් රඳවා ඇති බවත් එසේම දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33,422ක පුද්ගලයින් 130,021ක් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව ඇති බවයි.

Loading

අද කාලගුණ අනාවැකිය.. වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්.!

අද කාලගුණ අනාවැකිය.. වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශය පරිදි, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (04) දින සිට බලාපොරොත්තු විය හැකිය.

කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Loading

ප්‍රචණ්ඩ කාළගුණය ජීවිත 17ක් බිලි ගනී.. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.!

ප්‍රචණ්ඩ කාළගුණය ජීවිත 17ක් බිලි ගනී.. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.!

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ, මෙරටට බලපා ඇති ප්‍රචණ්ඩ කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අද (03) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ රත්නපුර ප්‍රදේශයෙන් මරණ 05ක්, මාතර ප්‍රදේශයෙන් මරණ 04ක්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මරණ 03ක් මේ වනවිට වාර්තා වී ඇති බවත් අතුරුදන් වීම් 05ක් වාර්තා වී ඇති බවත්ය.

කෙසේ වෙතත් පැය 24ක් ගතව ඇති නමුත් අතුරුදන් වී ඇති පුද්ගලයන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති අතර මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති මුළු සංඛ්‍යාව 17ක් ලෙස උපකල්පනය කළ හැකි බවත් එම මාධ්‍ය හමුවේදී සඳහන් විය.

Loading

කොළඹ පාසැල් අවට අවධානම් ගස් 40ක්.. දරුවන්ගේ ජීවිත අණතුරේ.!

කොළඹ පාසැල් අවට අවධානම් ගස් 40ක්.. දරුවන්ගේ ජීවිත අණතුරේ.!

කොළඹ නගරයේ ප්‍රධාන පාසැල් රැසැක් අවට ඉතා පැරණි සහ අවධානම් සහගත විශාල ගස් රැසක් පවතින බව කොළඹ මහ නගර සභාව වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව සඳහන්.

බොහොමයක් එම ගස් ඉතා පැරණි මෙන්ම පෞරාණික වටිනාකමක් සහ සුන්දරත්වයක් ගෙනදෙන වටිනා ගස් බව පැවසේ.

කෙසේ නමුත් අද (03) සමස්ථ ලංකා අන්තර් දිස්ත්‍රික් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් කොළඹ මහ නගර සභාවට දන්වා ඇත්තේ එම ගස් අනතුරකට අතවනනා බවයි.

දිනකට පාසැල් ළමුන් විසි දහසක් පමණ මෙම ප්‍රදේශයේ ගැවසෙනා බැවින් මෙවැනි අයහපත් වර්ෂා සහ සුලං අධික කාළගුණ තත්වයන් යටතේ අණතුරක් සිදුවීමේ වැඩි හැකියාවක් පවතින බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා සුදුසු විසඳුම් ලබා දී ජනතාවගේ සහ පාසැල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසයි.

Loading

අද කාළගුණ අනාවැකිය.. වැසි තත්වය අඛණ්ඩව.!

අද කාළගුණ අනාවැකිය.. වැසි තත්වය අඛණ්ඩව.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසූවේ දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය අද (03) දිනයේත් බලාපොරොත්තු විය හැකි බවයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව සඳහන් වේ.

දිවයින වටා අනෙකුත් ප්‍රදේශයන්හි දහවල් කාලයේ හෝ රාත්‍රී කාලයේ කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා
සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Loading

ප්‍රචණ්ඩ කාළගුණයෙන් 10කට දිවි අහිමී, 05ක් අතුරුදන්.!

ප්‍රචණ්ඩ කාළගුණයෙන් 10කට දිවි අහිමී, 05ක් අතුරුදන්.!

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසූවේ දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින් 10 දෙනෙකු මේවන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පුද්ගලයින් 05දෙනෙකු අතුරුදහන් වි ඇති බවත්ය.

ශ්‍රී ලංකා පොලීසිය විසින් හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම්දීමට සහ සහන සේවා සැලසිම සඳහා විශේෂ අපදා සහන ඒකකයක් ස්ථාපිත කර ඇති අතර දුරකථන අංක 011 2421820 / 011 2421111 ඔස්සේ අපදා සහන සඳහා ඇමතිය හැකි බව දන්වා ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close