ජනාධිපතිවරණය

ජනාධිපතිවරණය පරාජයවීම සක් සුදක් සේ පැහැදිලියි.!

ජනාධිපතිවරණය පරාජයවීම සක් සුදක් සේ පැහැදිලියි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ ආණ්ඩුව කුමන ආකාරයෙන් උත්සාහ කළත් මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්ය.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතු බව මන්ත්‍රීවරියා වැඩිදුරටත් පැවසීය.

විවිධ පාර්ශව හරහා ප්‍රකාශ සහ අදහස් සමාජ ගත කිරීම තුලින් පෙනී යන්නේ මැතිවරණය පිළිබඳව ජනතාව තුළ ඇති වී තිබෙන විශ්වාසය උනන්දුව බාල කිරීම සඳහා දරන බාල උත්සාහයක් බවත් ඇය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය,

“ආණ්ඩුව පරදින බව සක්සුදක් සේ දන්නවා. ඒ පරාජයට මුහුණ දෙන්න බැරුව බියෙන් තමයි ජනමතය දුර්වල කරන්න උත්සාහ කරන්නේ. ජනතාව ඒ දේවල් පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර දිනයක අනිවාර්යෙන්ම තිබිය යුතුයි”

Loading

පැය 24න් පාර්ලිමේන්තුව සුද්ද කරන අනුරගේ සැළැස්ම.!

පැය 24න් පාර්ලිමේන්තුව සුද්ද කරන අනුරගේ සැළැස්ම.!

ජාතික ජන බලවේග හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමුළුව ඊයේ (09) පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක,

“අපි මේ සිදුකිරීමට යන්නේ පහසු දෙයක් නොවේ, අපි සිදුකිරීමට යන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළියයි, පොදු ජනතාව අතට බලය හුවමාරු වන සහ ඈත ගම්වල කුඩා දරුවන්ට දේශපාලනයෙන් ඉදිරියට යා හැකි ගමනයි අද මේ ජාතික ජන බලවේගය ආරම්භ කරන්නේ.

ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා, දැනට පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයෙන් ඉන්නේ තුන්දෙනයි, අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ විට එදිනම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එක් දවසක් හෝ ඊට වැඩිය තබන්නේ නෑ, දැනට ඉන්නේ අපි තුන්දෙනයි මහ මැතිවරණයෙන් පස්සේ ඒක 120, 130 පන්නනවා.

මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය නොකෙරූ ඈත ගම් දනව්වල නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් දක්ෂ දූපුතුන්ට පාර්ලිමේන්තුවට එන්න අවස්ථාව ලබාදෙනවා

ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය කෙටි කාලෙකට පසුව පවත්වා ශුද්ධ මහජන රජයක් බිහිකිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරනවා”

Loading

1982 වසරේදී මෙන් අවශ්‍යනම් මැතිවරණය වසර දෙකක් කල් දැමිය හැකියි.

1982 වසරේදී මෙන් අවශ්‍යනම් මැතිවරණය වසර දෙකක් කල් දැමිය හැකියි.

ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශ්‍රී. ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමීමේ හැකියාවක් පවතින බවයි.

අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගෙන ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවද ඔහු පැවසීය.

මීට පෙර 1982 වසරේදී ද මෙවැනිම සිදුවීමක් සිදුවූ බව පැවසේ.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1982 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලියට අනුරාධපුරයට ගිය අවස්ථාවේ මැතිවරණ සිතියම අකුළන කතාවක් මුල්වරට රටට ප්‍රකාශ කළේ මෙසේය ,

“අපට වාසිදායක මේ අවස්ථාවේ අපට උදවු කරන අය සමඟ එක් වී දේශපාලන ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කර දේශපාලන වශයෙන් විරුද්ධ පක්ෂ නැති කර දමා, නැපෝලියන් අවසන් යුද්ධයෙන් ජය ගත් අවස්ථාවේදී එංගලන්තයේ සිටි විලියම් පිට් යුරෝපයේ සිතියම අවුරුදු දහයකට අකුළා දමන්න කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා වගේ, අවුරුදු දහයකට ලංකාවේ මැතිවරණ කොට්ඨාස සිතියම අකුළා තබන්නය කියලා අපි ජනතාවට කියනවා.”

එහිදී එම කතාව ඇසූ කතාව ඇසූ එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රීතිඝෝශා කළ බව වාර්තා වේ. නමුත් ෙම ප්‍රකාශය කළ ජේ.ආර් ට නැවත දෙවැනි වතාවවේදී ජනාධිපතිවරණයට ඉල්ලීමට හෝ අවස්ථාව නොලැබුනි.

ප්‍රේමදාස අපේක්ෂකත්වය ලබා නොගන්නට එජාපය පරාජය වන්නේ 1994දී නොව 1988දී බව පැවසේ.

Loading

රංගෙ බණ්ඩාරට විහිළු සපයන්නාගෙ තැන හිමිවෙයි.!

රංගෙ බණ්ඩාරට විහිළු සපයන්නාගෙ තැන හිමිවෙයි.!

විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා විශ්වාසය රැක ගැනීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා පවසන පරිදි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇත.

මැතිවරණය ජයග්‍රහණය කර රට යහමගට ගත යුතු බවද ඔහු කියා සිටියේය.

ජනතා විශ්වාසය රැක ගැනීම හැර වෙනත් මාර්ගවලින් කටයුතු කිරීමෙන් පලක් නොවන බවද රවී කරුණානායක හිටපු අමාත්‍ය වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Loading

ජනාධිපතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්.!

ජනාධිපතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්.!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව නියමිත දිනට ජනාධිපතිවරණය පවත්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මාර්ටින් වික්‍රමසිංහ ජන ජීවිතය හා සාහිත්‍ය කලාභවන විශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වගකීම් විරහිත ප්‍රකාශවලින් රට කැලඹීමට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොතබන බවයි.

Loading

පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් හරහා මැතිවරණය තවත් වසර දෙකකින් කල් දැමීමට යයි.!

පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් හරහා මැතිවරණය තවත් වසර දෙකකින් කල් දැමීමට යයි.!

මැතිවරණය තවත් වසර දෙකකින් කල් දැමීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා අද (28) පැවසීය.

පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 225 දෙනා පත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් තුළ බැවින් එය ජනතා මතය නියෝජනය කරන බවද මහලේකම්වරයා පැවසීය.

එම ක්‍රියාවලිය වඩාත් ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදු කළ යුතු බව පවසන රංගේබණ්ඩාර මහතා “මැතිවරණ සිතියම අකුලනවා” වැනි කතා නොකියා ඒ සඳහා සහාය දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයා කියා සිටියේ මේ වන විට රටේ ආර්ථිකය යම් මට්ටමකට ගෙන එමින් පවතින බවත් මැතිවරණ සඳහා තවදුරටත් කාලය නාස්ති නොකර රට ගොඩනැගීමට වත්මන් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

දැන් කළ යුත්තේ මැතිවරණයක් පැවැත්වීම නොව සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක මැදිහත් වී ජනාධිපතිවරයාගේ ධුර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශයක් කිරීම බවද රංගේ බණ්ඩාර මහතා පැවසීය.

රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සහ ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා පැහැදිලි මාවතක් පෙනෙන්නට තිබෙනා බවත් ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනපති සතුව පමණක් බවත් රංගේ බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

Loading

විවේචන වෙනුවට විසඳුම්.. තවත් ප්‍රභලයන් පිරිසක් සන්ධාන ගතවෙයි.!

විවේචන වෙනුවට විසඳුම්.. තවත් ප්‍රභලයන් පිරිසක් සන්ධාන ගතවෙයි.!

විවේචන වෙනුවට විසඳුම්, පොරොන්දු වෙනුවට උපාය මාර්ගික වැඩපිළිවෙළක් යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් සමඟින් නව දේශපාලන සන්ධානයක් අද (27) ගොඩනැගුණි.

මෙහිදී ඒ සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන ප්‍රධාන වශයෙන් එකතු වූයේ මව්බිම ජනතා පක්ෂය යටතේ වේ.

කොළඹ පැවති දේශපාලන සන්ධානයට අත්සන් තැබීමට දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නියෝජිතයින් එක්ව සිටියහ.

පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ඩී. බී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන එම සන්ධානයට අත්සන් තැබූහ.

Loading

රනිල්ට තවත් වසර පහක් බලය ලබාදීමට යෝජනා.!

රනිල්ට තවත් වසර පහක් බලය ලබාදීමට යෝජනා.!

ජනාධිපතිවරණයක් පවත්වා තවත් වසර පහකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධුරය ලබාදීම සුදුසු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගබණ්ඩාර මහතා පවසයි.

රට යම්කිසි ආර්ථික තත්ත්වයකට ගෙන ඒම තුළින් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සුදුසු බවද හෙතෙම කීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරනා සියලුම මන්ත්‍රීවරුන් එකතු වී ජනමත විචාරණයක් පවත්වා වික්‍රමසිංහ මහතාට තවත් වසර පහක බලයක් ලබා දිය යුතු බවද ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Loading

ප්‍රථමයෙන් ජනාධිපතිවරණය බව කැබිනට් මණ්ඩලයේදී තහවුරු කරයි.!

ප්‍රථමයෙන් ජනාධිපතිවරණය බව කැබිනට් මණ්ඩලයේදී තහවුරු කරයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව පවසා ඇත.

අද පැවති කැබිනට් රැස්වීමේදී මේ බව ජනාධිපතිවරයා සඳහන් කළ බව වාර්තා වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර අවසන් බවයි.

Loading

ජනාධිපතිවරයාගෙන් මැතිවරණය සම්බන්ධ නිල නිවේදනයක්.!

ජනාධිපතිවරයාගෙන් මැතිවරණය සම්බන්ධ නිල නිවේදනයක්.!

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ජනාධිපති තරඟයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක් විය හැකි ජාතික අපේක්ෂකයෙක් ලෙස බවයි.

එමෙන්ම වත්මන් ජනාධිපති වරයා ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී සිදුකිරීමට නියමිත බවත් පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් නානායක්කාර මහතා කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරතව ඇති බවත්, එක්සත් ජාතික පාක්ෂිකයන් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් පවතිනා බැවින් ජනතාව වත්මන් ජනාධිපතිවරයා වටා ‍රොක් වීම වලක්වන්නට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත්ය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close