ජාතික ජන බලවේගය

NPP විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට.. ඇමෙරිකාවේ කීර්තිමත් විද්‍යාඥයෙකුත් දිවයිනට.!

NPP විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම හෙට.. ඇමෙරිකාවේ කීර්තිමත් විද්‍යාඥයෙකුත් දිවයිනට.!

ජාතක ජන බලවේගයේ විද්‍යා තාක්ෂණික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගම සූරිය මහතා පවසා සිටියේ, ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය හෙට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ දී එළිදැක්වීමට නියමිත බවයි.

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා වසර ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය රැඳී සිටිමින් පිළිකා ඖෂධ සඳහා බලපෑ හැකි සංයෝග පිළිබඳ තම පරීක්ෂණ මෙහෙයුමින් සිටින මහාචාර්ය වරයෙකි.

මහාචාර්යවරයා පවසා සිටියේ ජන බලවේගයේ විද්‍ය හා තාක්ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා විශේෂඥයෙන් 15-20 අතර සංඛ්‍යාවක් සහභාගි වූ බවත් එම කණ්ඩායම තුළ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් මෙන්ම එක්සත් ජනපදය කැනඩාව, ඔස්ට්‍රේලියාව ආදි රටවල් වල විද්‍යාඥයන් සිටිනා බවත්ය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ විසිරී සිටින පරීක්ෂකයන් එකතුකර නිවැරැදි රාමුවක් යටතේ ආර්ථික සහ සමාජීය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම එම ප්‍රතිපත්ති මූලික අරමුණක් බවයි.

එම ප්‍රතිපත්තිය හරහා කෘෂිකාර්මික, සෞඛ්‍ය අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන ආදී සෑම කලාපයක් ඔස්සේ මෙම ප්‍රතිපත්තිය විහිද යන බවත් එම ප්‍රතිපත්තියේ අවසාන අරමුණ වනුයේ මෙරට ආර්ථික සහ සමාජීය අභිවෘද්ධිය බවයි.

Loading

“මැරෙන්න බයත් නෑ ලාභෙට මැරෙන්න ලෑස්තිත් නෑ” අනුර ලන්ඩනය සංවේදී කරවයි.!

“මැරෙන්න බයත් නෑ ලාභෙට මැරෙන්න ලෑස්තිත් නෑ” අනුර ලන්ඩනය සංවේදී කරවයි.!

පසුගියදා ජාතික ජන බලවේගය ලන්ඩන් එකමුතුව විසින් සංවිධානය කර තිබූ ජන හමුවේදී ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක විසින් සිදුකළ පැය 2කට ආසන්න දේශනයෙන් අනතුරුව, එහි රැස්ව සිටි ජනතාව විසින් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා සම්බන්ධයෙන් දිසානායක මහතා තම අදහස් දැක්වීය.

ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී විශයන් රැසක ගැටලු සහ යෝජනා සාකච්ඡා කරමින් සිටිනා අතරවාරයේදී අදහස් දැක්වූ එරට සේවය කරනා ශ්‍රී ලාංකිකයෙකු සුවිශේෂී කරුණක් සඳහන් කළේය.

ඔහු කියා සිටියේ, තමා ශ්‍රී ලංකාවේ සිටියදී සේවය කළ ආයතනයේ හිමිකරු ඝාතනය වූයේ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි ලබාදීමක ප්‍රතිඵලයක් ලෙස බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ශ්‍රී ලංකාව තුල පවතිනුයේ ව්‍යාපාරිකයෙකුට හෝ ආරක්ෂාවක් නොමැති පරිසරයක් බවත්. එවැනි තත්වයක් තුළ අනුර කුමාර දිසානායක වැනි අයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතිනා බවත්ය.

එහිදී ඔහු අනුර දිසානායක මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ තම ආරක්ෂාව වෙනුවෙන් විදේශ රටවල පැවැත්වෙන ජන රැලි සඳහා ඔන්ලයින් තාක්ෂණය හරහා සම්බන්ධ වන ලෙසත් ජනතාවගේ ආණ්ඩුවක් තැනීමටනම් ප්‍රථමයෙන් අනුර කුමාර මහතා ජීවත්විය යුතු බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් අනුර දිසානායක පවසා සිටියේ ” අපි ජනතාව එක්ක මේ වැඩේ කරන්න ඕනෙ, ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්නත් ඕනෙ, ලාබෙට ජීවිතේ දෙන්න ඕනෙත් නෑ, ඒ නිසා ඊට සරිලන වැඩපිළිවෙළක ඉඳන් අපි වැඩකරනවා, බලමු නේ.. අපිත් ලංකාවෙ ඒගොල්ලොත් ලංකාවෙ” ලෙසයි.

එහිදී රැස්ව සිටි පිරිස් නැඟී සිටිමින් අත්පොළසන් දුන්හ.

Loading

ජනාධිපතිවරණය පරාජයවීම සක් සුදක් සේ පැහැදිලියි.!

ජනාධිපතිවරණය පරාජයවීම සක් සුදක් සේ පැහැදිලියි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ ආණ්ඩුව කුමන ආකාරයෙන් උත්සාහ කළත් මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්ය.

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතු බව මන්ත්‍රීවරියා වැඩිදුරටත් පැවසීය.

විවිධ පාර්ශව හරහා ප්‍රකාශ සහ අදහස් සමාජ ගත කිරීම තුලින් පෙනී යන්නේ මැතිවරණය පිළිබඳව ජනතාව තුළ ඇති වී තිබෙන විශ්වාසය උනන්දුව බාල කිරීම සඳහා දරන බාල උත්සාහයක් බවත් ඇය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය,

“ආණ්ඩුව පරදින බව සක්සුදක් සේ දන්නවා. ඒ පරාජයට මුහුණ දෙන්න බැරුව බියෙන් තමයි ජනමතය දුර්වල කරන්න උත්සාහ කරන්නේ. ජනතාව ඒ දේවල් පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර දිනයක අනිවාර්යෙන්ම තිබිය යුතුයි”

Loading

අනුරට ලන්ඩනයෙන් උණුසුම් පිළිගැනීමක්.!

අනුරට ලන්ඩනයෙන් උණුසුම් පිළිගැනීමක්.!

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ජාතික ජන බලවේගය පාක්ෂික හමුවක් ආමන්ත්‍රණය කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අනුර කුමාර දිසානායක 13 වනදා Heathrow ගුවන්තොටුපලින් ලන්ඩන් නගරයට ළඟා විය.

එහිදී එරට වෙසෙනා ජාතික ජන බලවේගය පක්ෂිකයින් අනුර කුමාර දිසානායක උණුසුම් අන්දමින් පිළිගත් බව වාර්තා වේ.

එමෙන්ම ඔහු අද (ජූනි 15 වෙනිදා) පස්වරුවේ Crystal Grand, 3 Bath Rd හිදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුව ආමන්ත්‍රණය කිරීමට නියමිතයි.


Loading

“ශානි, ඔබට මා යුක්තිය ඉටුකරනවා” අනුර ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රතිඥා දෙයි.!

“ශානි, ඔබට මා යුක්තිය ඉටුකරනවා” අනුර ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රතිඥා දෙයි.!

ජාතික ජන බලවේගය විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළු මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ අද (09) පෙරවරුවේ පැවැත්විණි.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

එහිදී ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක අවධාරණය කළේ, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකරුවා දේශපාලකයා නොවිය යුතු බවයි.

තම රජයක් යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොවේ මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා නොකරනා බවත් පොකීසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනා බවත් ඔහු අවධාරණය කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ආමත්‍රනය කරමින් අනුර දිසානායක මෙසේ පැවසීය

“අපි ඔබට සහතිකයක්න්දෙන්නම් ශානි, ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ඔබට අපි යුක්තිය ඉටුකරනවා”

Loading

අනවසරයෙන් අනුරගේ ඡායාරූප ලබාගත් බුද්ධි නිලධාරියාට ගුටි.!

අනවසරයෙන් අනුරගේ ඡායාරූප ලබාගත් බුද්ධි නිලධාරියාට ගුටි.!

පසුගිය 2වැනිදා කුරුණෑගල සත්‍යවාදී පිටියේ පැවති ජාතික ජනබලවේගයේ තරුණ හමුව අතරතුර සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරියෙක් යම් පිරිසකගේ පහර කෑමට ලක්ව ඇති සිදුවීමක් වාර්තා වේ.

ජා.ජ.බ නායක අනුර කුමාර දිසානායක එම රැලියට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර දිසානායකගේ ජායාරූප ගැනීමට යෑමේදී එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්වී ඇතැයි පැවසේ.

එම අවස්ථාවේදී අදාළ නිලධාරීයා ජායාරූප ගැනීම පසෙකලා පලා ගොස් පාරේ නවතා තිබු වාහනයකට නැගී බේරී ඇති බව පැවසේ.

එදින සවස 6.00ත් – 06.30 ත් අතර කාලයේදී ජනරැලිය ඇමැතීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණ ඇති අතර එතුමා ගමන් ගත් රථය මාවතේ නතර නොකර ක්‍රීඩා පිටියේ වේදිකාව අසලටම ගමන් ගත් අවස්ථාවේදී පිවිසුම අසල සිවිල් ඇඳුමෙන් ජායාරූප ලබාගන්නා පුද්ගලයා සම්බන්ධයෙන් මතුවූ සැකය මත නායකයාගේ ආරක්ෂාවට පැමිණ පිරිස් ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

ඒ සමඟම අවට සිටි වෙනත් පිරිසක් කෝප වී ඔහුට පහර දුන් බවත් එහිදී ඔහුහේ අනන්‍යතාව හෙළි නොකර දිව ගොස් පොලිස් ජීප් රථයකට ගොඩවී පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මැද පලා ගිය බවත් සිද්ධිය දුටු පිරිසක් පැවසීය.

සිද්ධිය පිළිබඳව කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර මහතාගෙන් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ සිවිල් ඇදුමෙන් ජායාරූප ගන්නේ කවුද යන්න නොදැන අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක අංශයට මතුවූ සැකය මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී යම් ගැටළුකාරී තත්වයක් මතුවූ බවත් එම අවස්ථාවේදී කුරුණෑගල පොලීසියේ නිළදාරීන් ඉදිරිපත් වී ඔහු පොලිස් නිලධාරියකු බව පවසා මතුවූ සැකය ඉවත් කර දුන් බවයි.

Loading

අපි අයි.එම්.එෆ් එක්ක දැනටමත් සකච්ඡා කර අවසන්.. හරිනි කියයි.!

අපි අයි.එම්.එෆ් එක්ක දැනටමත් සකච්ඡා කර අවසන්.. හරිනි කියයි.!

මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය ක්ර්ථිිය්යා සිටියේ, ආර්ථිකය සිර නොකර ණය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් තම කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා කළ බවද ඇය පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියාසිටියේ,

“මේ වන විට ජනතාව මත අසීමිත ලෙස පටවා තිබෙන බර සම්බන්ධයෙන් මෙන්ම ණය කළමනාකරණය කිරීමේදී අපේක්ෂා කරන සහාය පිළිබඳව ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතා කළ යුතුයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා ජාතික ජන බලවේගයට ඉදිරියේදී ලැබෙන ජනවරම අනුව සමාලෝචනයට ලක්කර නව යෝජනා ඉදිරිපත් කරනවා, ආර්ථිකය වර්ධනය කිරීමට සහ නිෂ්පාදන ආර්ථිකය ගොඩනැඟීමට බාධා වන ලෙස ණය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ රටේ ආර්ථිකය සිර කිරීමට ජාතික ජන බලවේගය සූදානම් නෑ. ජනතාවට බරක් නොවන ලෙස මේ ක්‍රියාවලි දෙකම සිදු කරගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණිය යුතුයි.

එමෙන්ම ඇය වැඩිදුරටත් කියා සිටියේ,

තම පක්ෂයට දිගින් දිගටම සමඟි ජන බලවේගය සමඟ කරන විවාදයේ එල්ලී සිටීමට නොහැකි බවත්, එම විවාදය ජාතික ජන බලවේගය ඉල්ලූ එකක් නොවන අතර එම විවාදය ඔවුන් කළ යෝජනාවට අනුව අනුර සහෝදරයා වෙනුවෙන් තම පක්ෂය දින ලබාදුන් බවත්ය.

සජබ ආර්ථික කවුන්සිලය හා විවාදයක් පැවැත්වීම ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කර නැති බව කියා සිටි ඇය, ජනතාවට මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අදහස් බැවින් එයට ප්‍රමුඛතාව දීමට තීරණය කළ බව පැවසීය.

Loading

ව්‍යාපාර වලට තිත.. අනුරගෙන් තවත් සහතිකයක්.!

ව්‍යාපාර වලට තිත.. අනුරගෙන් තවත් සහතිකයක්.!

කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජාතික ජන බලවේගය නායක පා.ම අනුර කුමාර දිසානායක කියා සිටියේ, තම පක්ෂය බලයට ආ පසුව තමා ඇතුළු පක්ෂයේ ඉහළ මණ්ඩලවල කිසිවෙකු ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන බව සහතික වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපි හොටෙල් දාන්නෙ නෑ, පතල් කපන්න එන්නෙ නෑ, වැලි ගොඩ දාන්නෙ නෑ, බාර් ගන්නෙ නෑ, පෙට්‍රල් ශෙඩ් ගන්නෙ නෑ අපි මේ රටේ ව්‍යාපාරිකයන්ට යහපත් ලෙස ව්‍යාපාරවල නිරතවීමට පරිසරය සදල දෙන්නම්, ඔබ මේ රටේ ධනය උත්පාදනය කරන්න”

එමෙන්ම ඔහු කියා සිටියේ ඔහු විස්වාස කරනා ආකාරයට රජයක මූලික වගකීම වනුයේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම බවත් තම ඥාතීන් බලා ගැනීම නොවන බවත් ය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close