තිස්ස කුට්ටි

ජොන්ස්ටන්ගේ අමුඩේ තඩි හොරෙක් බව කුට්ටි කියයි.!

ජොන්ස්ටන්ගේ අමුඩේ තඩි හොරෙක් බව කුට්ටි කියයි.!

අද (30) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ සුමිත් මහතාගේ මූලිකත්වයෙන් හිරියාල ආසනයේ මැල්සිරපුර නගරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා පවසා සිටියේ තමා කාලයක සිට ආශ්‍රය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ සුමිත් හොරෙකු බව නිවැරදිවම දැනගත්තේ අද දින බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් තිස්ස කුට්ටි ආච්චි මහතා පවසා සිටියේ ඔහු හොරෙකු වනුයේ ජනතාවගේ හදවත් සොරාගැනීම හේතුවෙන් මිස අන් හේතුවක් නිසා නොවන බවයි. රැස්වීම සඳහා සහභාගී වී සිටින ජනතාව දැකීමෙන් එය සනාය වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට යෝධ සවියක් වෙමින් ඔහුගේ පිටුපසින් රැඳී සිටින සුමිත් මන්ත්‍රීවරයා ජෝන්ස්ටන් මහතාගේ අමුඩය ලෙස නම් කළ හැකි බවයි.

එළඹෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ සුමිත් මන්ත්‍රීවරයා රාජ්‍යය ඇමති ධූරයකින් පිදුම් ලැබීමටද සූදානම් බවද මන්ත්‍රීවරයා තම කතාවේදී අවධාරණය කළේය.

මෙම ජන හමුව සඳහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, කුරුණෑගල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු බොහෝ දේශපාලන නියෝජිතයන් රැස්වී සිටියහ

Loading

රනිල්ගේ කළ වැඩේ රෝහිතටත් කළ හැකියි.. කුට්ටි කියයි.!

රනිල්ගේ කළ වැඩේ රෝහිතටත් කළ හැකියි.. කුට්ටි කියයි.!

අද (30) අගලවත්තත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආසන සමුළුව අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කියා සිටියේ පොහොට්ටුව විසින් ඉදිරි ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙකු අනිවාර්යෙන්ම ඉදිරිපත් කරනා බවයි.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවට පත් කරන ලද්දේ ඒ මොහොතේ ඇති වූ ප්‍රශ්න ටික විසඳාගැනීමට පමණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති පුටුවට රනිල් වික්‍රමසිංහ වෙනුවට රෝහිත අභයගුණවර්ධන, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ආදී අයවලුන් පත් කළත් එම කටයුත්ත හරි ආකාරයට කරනා බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ, පෝලිම් නතර කළා කියා, දෙකයි පනහට කන්න දුන්නා කියා හෝ කිරිපිටි මිල අඩු කළා කියා නායකයන් පත් කිරීමට නොහැකි බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close