නායායෑම්

අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට නායායෑමේ රතු නිවේදන නිකුත් වෙයි.!

ඊයේ (5) දිනයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැලියගොඩ, ඇලපාත, කිරිඇල්ල, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසට දැනුවත් කිරීම් නිවේදන නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වනුයේ පසුගිය මාසයේ පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල භූමියේ ඉරිතලීමට ලක්ව ඇති ඇතැම් ස්ථානයන් හඳුනාගෙන ඇති බවත් එම ස්ථානාවට ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්ය.

කෙසේවෙතත් අද සහ හෙට දිනයන්හි වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් සිදුවුවහොත් ජනතාව වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා ළඟා වන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

පැපුවා නිව්ගිනියාවේ නායායෑම හේතුවෙන් සිදුවූ මරණ 300 සිට 670 දක්වා ඉහළට.!

පැපුවා නිව්ගිනියාවේ සිදුවූ දැවැන්ත නායායෑමෙන් පුද්ගලයන් 670 දෙනෙකු මිය ගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කර ඇති බව සඳහන්.

පසුගියදා මෙම නායායෑම සිදුවීමෙන් අනතුරුව එරට රජය නිවේදනය කළේ ඉන් මරණ 300ක් පමණ සිදුව ඇති බවට වූවත් මේ වනවිට අනාවරණය වී ඇති දත්තයන්ට අනුව මියගිය පිරිස 670ක් පමණ වෙතැයි පැවසේ.

පසුගිය සිකුරාදා සිදුවූ එම මහා ඛේදජනක සිදුවීමෙන් විශාල පිරිසක් සහ නිවාස දේපොල රැසක් පස් වලින් යටව ගොස් ඇති අතර විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ නිවාස 150කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පස් තට්ටුවකින් යටවී ඇති බවයි.

එම ස්ථානයේ තවදුරටත් විශේෂ සහන මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, අදාළ ස්ථානය විමර්ශනය කිරීමට ගොස් ඇති එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් පවසා ඇත්තේ පුද්ගලයන් 670 දෙනෙකු පමණ මියගොස් ඇති බවට මේ වනවිට ගණන් බලා ඇති බවයි.

නින්දේ සිටි ගමක් භූමිදානය කළ මහා ඛේදවාචකයෙන් 300ක් අතුරුදන්.!

පැපුවා නිව්ගිනියාවේ හුදකලා වූ එන්ගා පළාතේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවනු ඇතැයි විදෙස් වාර්තා පවසන අතර නිවාස 1000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

පසුගිය සිකුරාදා අලුයම 3.00 ට පමණ මෙම නාය යෑම සිදු වන විට සමස්ත ගම්වාසීන්ම පාහේ නිදා සිට ඇති බව පැවසේ.

විපතට පත් ගම්මාන වෙත හදිසි සේවා ළගා වීමට ඇති අපහසුතාවයන් නිසා සහන සේවා කටයුතු තවදුරටත් ප්‍රමාදවනු ඇති බව බලධාරීන් පවසයි.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ සේවකයින් කටයුතු කරමින් සිටියද ප්‍රධාන මාර්ගවලට සහ අධිවේගී මාර්ග ප්‍රවේශයට හානි සිදුව ඇති බැවින් එම ප්‍රදේශයට ප්‍රවේශ විය හැක්කේ හෙලිකොප්ටරයකින් පමණක් බව පැවසේ.

කෙසේ වෙතත්, නාය ගිය ස්ථානයට ළඟා වීමට වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් යුත් කුඩා කණ්ඩායම් කිහිපයක් සමත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

We are happy to invite you.