පොලිස්පති

පටි තද කරගන්න.. මැ.කෝ පොලිස්පතිට කියයි.!

පටි තද කරගන්න.. මැ.කෝ පොලිස්පතිට කියයි.!

රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා සහ තවත් ආයතන කිහිපයක් වෙත නිවේදනයක් නිකුත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ නුදුරේදී මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙසයි.

කොමසාරිස් වරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතනයන් සඳහාත්, එම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ මුද්‍රණාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසා සිටියේ, ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානමින් පවතින බවයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසූවේ දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දීමක් සිදුකළ බවයි.

ඊට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවද සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මෙවර ජනාධිපති මැතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනයක් සිදුකරමින් කියා සිටියේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close