සජිත් ප්‍රේමදාස

ෆොනී පනින්න කලින් පන්නන්න සජීට යෝජනා.!

ෆොනී පනින්න කලින් පන්නන්න සජීට යෝජනා.!

සමගි ජන බලවේගයේ වර්තමාන සභාපති සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් නෙරපා දමනා ලෙස එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත්වීමට සැරසෙන බැවින් ඊට ප්‍රථම ඔහු පක්ෂයෙන් ඉවත් කර දැමීමට කටයුතු කළ යුතු බව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂ නායකත්වය විවේචනය කළ සරත් ෆොන්සේකා නෙරපා දැමීමට පක්ෂයට පූර්ණ බලය පවතින බවයි.

කෙසේ වෙතත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඔහු පක්ෂයෙන් ඉවත්ව යන්නේ නම් එසේ යෑමට ඉඩ දිය යුතු බවයි.

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කළේය.

ෆොන්සේකා මහතා ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් පවතී.

Loading

මට සුපිරි හැකියාවක් තියෙනවා.. සජිත් දමිළ ජනතාවට කියයි.!

මට සුපිරි හැකියාවක් තියෙනවා.. සජිත් දමිළ ජනතාවට කියයි.!

ඊයේ (13) යාපනය මාධ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවකට සම්මුඛ වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ තමා සුපර් කන්ෆිඩන්ට් බවත් සම්පත් ලබා ගැනීම තමාගේ දක්ෂතාවය බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසා සිටියේ තමා යමක් කරනවා යැයි පැවසුව හොත් ඒ සිදු කරනා බවයි. එමෙන්ම කියනා කටයුතු කරනා පුද්ගලයා ලෙස ජනතාව විශ්වාස කරන්නේද තමා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී දමිළ මාධ්‍යවේදීන් විසින් විපක්ෂ නායකවරයාගෙන් විමසා සිටියේ දහතුන් වැනි සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දකුණේ විරෝධතා ඵැන නැගී ඇති බවත් ඒ සම්බන්ධව විපක්ෂ නායකවරයාගේ අදහස කුමක්ද යන වගත්‍ ය.

එහිදී විපක්ෂ නායකවරයා පිළිතුරු දක්වමින් කියා සිටියේ තමා සිදුකළ එම ප්‍රකාශය ජනාධිපතිවරණය අරමුණු කරගෙන හෝ වෙනත් දේශපාලනික අරමුණක් මූලික කරගෙන සිදු කළ එකක් නොවනා බවයි.

එමෙන්ම එය තම පක්ෂයේ ප්‍රතිපත්තිය බවත්, පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී තමා මෙය පවසා ඇති බවත් ඒ සම්බන්ධ විරෝධතා දැක්වීමට ඕනෑම අයෙකුට අවස්ථාව ඇති බවත් ඔහු අවධාරණය කලේය.

Loading

උතුරේ ආර්ථිකය දුබලයි.. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් තුලින් උතුර ගොඩනගනවා.!

උතුරේ ආර්ථිකය දුබලයි.. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් තුලින් උතුර ගොඩනගනවා.!

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට උතුරු පළාතෙන් ලැබෙන දායකත්වය අවම මට්ටමක පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. උතුරේ ආර්ථිකය වර්ධනය කර රටේ දළ දේශීය නිෂ්පාදනයට ඉහල දායකත්වයක් ලබා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“උතුරු පළාත දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය 4.1%යි හැබැයි අපි සංසන්දනය කරොත් ඒක බස්නාහිර පළාත එක්ක බස්නාහිර පළාතේ දළ දේශීය නිෂ්පාදිතට දායකත්වයට 43.4%යි.

වයඹ පළාත 11.2%ක් මධ්‍යම පළාත් 10%ක් මේවත් එක්ක සංසන්දනය කරහම උතුර තමයි පහළම තැනක තියෙන්නේ. ඒකෙන් බොහොම පැහැදිලියි ඒ උතුරේ ආර්ථික ක්‍රියාකාරීත්වය බොහොම දුබල මට්ටමක තිබෙනවා.

මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නිර්මාණය කිරීම උතුර ගොඩනැගීමේ එක අංගයක් හැටියට ක්‍රියාත්මක කරන අතරතුර උතුරේ තිබෙන මැතිවරණ කොට්ඨාස 10යේ ප්‍රාදේශ ලේකම් බල ප්‍රදේශ 15වේම නිෂ්පාදන කර්මාන්තය ගොඩනංවන, තොරතුරු තාක්ෂණ උද්‍යාන බිහිකරන, බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට උතුරු පළාතත් යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්කත් අපි දියුණු කරන්නට කැපවෙනවා කියන එක මං මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

Loading

කයිතෝනායක පුතානෝස්කා විවාදේස්කා බැරිගාතෝ.!

කයිතෝනායක පුතානෝස්කා විවාදේස්කා බැරිගාතෝ.!

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ත්‍රී රෝද රථ හිමිකරුවන්ගේ බදුලු සමුලුව ජුනි 08 බදුල්ල රිවර් සයිඩ් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

මේ අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මාහාචාර්ය රුවන් රණසිංහ, ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභිකයින් වන නීතිඥ ආරියපාල හේවගේ, නන්ද හපුගොඩ, ප්‍රියන්ත වරුෂමාන සහ ප්‍රදේශයේ ත්‍රී රෝද හිමිකරුවන් විශාල ප්‍රමාණයක් එක් විය.

එහිදී උත්සව අවස්ථාව අමතමින්, ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විවාදයක් සඳහා මුලින්ම ආරාධනා කළේ අනුර දිසානායක 2023 වසරේ බවයි.

නමුත් විපක්ෂ නායකවරයා කිසි විටෙකත් විවාදයකට සහභාගී නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතාට එවැනි ඉතිහාසයක් නොමැති බවත් ඔහු පැවසීය.

ඉතිහාසය පුරා සජිත් ප්‍රේමදාස මහතා සිදුකර ඇත්තේ රූපවාහිනී වැඩසටහන් සඳහා සහභාගී වී නිවේදකයා සමඟ සාකච්ඡාවන් පැවැත්වීම පමණක් බවද ඔහු පැවසීය.

ඔහු කියා සිටියේ විවාදය සඳහා ලැබුනු ආරධනාව මත තම පක්ෂ නායකයා ස්වාධීන රූපවාහිනිය වෙත සහභාගී වූ බවත් සජිත් ප්‍රේමදාස මහතාද පමිණෙන බවට ලිපියකින් දන්වා නොපැමිණ මගහැරි බවත්ය.

එහිදී ඔහු විපක්ෂ නායක වරයා අනුකරණය කරමින් කියා සිටියේ,

“ඔය ළමයා විවාද එහෙම කරළා තියෙනවද, විවාද කරන හැටි දන්නවද, මමනම් දන්නවා, අපේ කණ්ඩායම විවාද කරලා තියෙනවා, මම විවාද කරනහැටි කියන්නද, කයිතෝනායක පුතානෝස්කා විවාදේස්කා බැරිගාතෝ..ඇඳයට සැඟවෙය් නම්දෙස්කා..තැන තැන නම්දොඩවාස්..මම ජාතා.. මම උගතා..ඇඳයට කුදගායී..”

හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේ මෙරට කිසිදු රාජ්‍යය හෝ පුද්ගලික මාධ්‍ය ආයතනයක් ස්වාධීන නොවනා බවත් සෑම ආයතනයකම දේශපාලන අරමුණක් පවතින බවත්‍න්‍ය.

Loading

විවාදයේ වංචාවක් කළැයි සජිත් පිල CID යයි.!

විවාදයේ වංචාවක් කළැයි සජිත් පිල CID යයි.!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා රාජ්‍ය රූපවාහිනී ආයතනයක ඒකපාර්ශ්වික සංවාදයකට සහභාගි වූ අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පෙර සූදානම් කරන ලද ආකාරයේ ඇඟවෙන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායම් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විපක්ෂ නායකවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජව සකස් කර එම විවාදයට විපක්ෂ නායකවරයා සහභාගි වීමට නියමිතව සිටි බව ලිපියෙන් අඟවා ඇති බව පැවසේ.

මීට පෙර අවස්ථාවකදී විපක්ෂ නායකවරයා ජාතික ජන බලවේගය සමග විවාදය ප්‍රතික්ෂේප කළ බව ඇඟවෙන ආකාරයේ තවත් ලිපියක් සම්බන්ධයෙන්ද එම පැමිණිල්ලේ කරුණු දක්වා ඇත.

ව්‍යාජ ලිපි දෙක පිළිබඳව වහාම විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ නීතිඥ සංගමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි ගොනු කළේය.

එම සංගමය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් බුද්වින් සිරිවර්ධන එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඔහු කියාසිටියේ සජිත් ප්‍රේමදාස වෙත සාධාරණය ඉටුවේ යැයි බලාපොරොත්තුවෙන් මෙම පැමිණිල්ල සිදු කළ බවයි.

Loading

නිවටයන් සේ පැන නොයන්න.. සජිත් අවසන් නිවේදනය කරයි.!

නිවටයන් සේ පැන නොයන්න.. සජිත් අවසන් නිවේදනය කරයි.!

කඩුවෙල ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගය සමඟ විවාද දෙකටම සූදානම් බවයි.

ඔහු පැවසූවේ විවාද දෙකම සඳහා එකවර දින නිශ්චිතව තහවුරු කරගෙන පොදු ස්ථානයක විවාදයන් පැවැත්විය යුතු බවත් තමන් මෙම දැනුම්දීම කරන්නේ අවසාන වතාවට බවත්ය.

එක් විවාදයකට පමණක් තනිව සහභාගී වී නිවටයන් ලෙස පැන නොයා තමා සමඟ සහ තම කණ්ඩායම සමඟ වාද විවාද කිරීමට පැමිණෙන ලෙස එතුමා වැඩිදුරටත් පැවසීය.

Loading

අනුර සජිත්ට අණතුරු අඟවයි.. ආයෙ බොරු පාට් එපා.!

අනුර සජිත්ට අණතුරු අඟවයි.. ආයෙ බොරු පාට් එපා.!

ඊයේ දිනයේ (6) ITN නාලිකාවේ සංවිධානය කර තිබූ අනුර-සජිත් විවාදය සඳහා සහභාගී වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පමණි.

වැඩසටහන ආරම්භයේදී අනුර කුමාර දිසානායක පැවසූවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට විවාදය සඳහා සහභාගී වීමට තවදුරටත් අවස්ථාව පවතින බවත් සජිත් ප්‍රේමදාස සහභාගී වේ නම් තමා එළිවෙනකම් හෝ බලා සිටීමට සූදානම් බවත්ය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයටහෝ ප්‍රතිචාර නොදක්වා සිටිනා බව ITN කාර්ය මණ්ඩලය පැවසූ අතර එතුමා නොපැමිණීම මත විවාදය සංවාදයක් ලෙස වෙනස් කිරීමට තීරණය විය.

එහිදී අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වෙත අනතුර අඟවමින් කියා සිටියේ තවදුරටත් විවාදය පිළිබඳ කයිය ගැසීමෙන් වළකිනා ලෙසයි.

“සජිත් නැති නිසා අපි මේ විවාදය ගැන නැවත සාකච්ඡා කිරීම හෝ එතුමා ගැන කතා කිරීම සාධාරණ නෑ. එතුමන් නෑනේ අනිවාර්යෙන් එහෙමනම් අපිට අද මේක මුකුත් කරන්නෑ කියලා මෙතනින් අවසන් කරගන්න පුළුවන්, එහෙම නැත්නම් මගේ තව යෝජනාවක් තියෙනවා ඔබතුමාලාත් එයා ටයිම් එක වෙන් කරලා තියෙනවා, මමත් කාලය වෙන් කරලා තියෙනවා, අවුරුදු තුන හතරකට පස්සේ මම මේ නාලිකාවට ආවෙත්, ඒ නිසා අපිට අර ඔබ කිව්වා විවාදයක් වෙනුවට අපි අතර සංවාදයක් කරමු.

නමුත් මෙතනින් එහාට ආයෙ විවාද ගැන කතාකරන්න එපා, අද ඕනෙනම් එලිවෙනකම් වෙලාව තියනවා එතුමට එන්න, මම එලිවෙනකම් හෝ ඉන්නම්, එතුමා නොනිදන නායකයා නිසා එන එක ප්‍රශ්නයකුත් නැතිවෙයි, හැබැයි අපිනම් නොනිදන නායකයෝ නෙවේ, මම හොඳට නිදාගන්න කෙනෙක්.

ආයෙ ඉස්කෝලවලට ගිහිල්ලා බයද සැකද චන්ඩිද කියලා පාට් දාන්න එපා. මම මේ කරුණාකරලා කියන්නේ, මේක ලෙඩක්, මෙතනින් පස්සේ එතුමා එක්ක මට විවාදයක් නෑ.”

Loading

පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂයේ ප්‍රභලයින් රැසක් සජිත් සමඟින් එක්වෙයි.!

පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂයේ ප්‍රභලයින් රැසක් සජිත් සමඟින් එක්වෙයි.!

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ රට් ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු පිරිසක් අද (5) සමගි ජන බලවේගය හා එක්විය.

එලෙස සමගි ජන බලවේගය හා එක්වූයේ වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනය හිටපු ප්‍රධාන සංවිධායක සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් යන පිරිසයි.

Loading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇමරිකාවේදී අඩත්තේට්ටම්.. පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇමරිකාවේදී අඩත්තේට්ටම්.. පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.!

ලෝක කුසලාන T20 තරඟාවලිය සඳහා ඇමරිකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කුඩම්මාගේ සැලකිලි එල්ල වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවාහන පහසුකම් සහ තරග කාලසටහන් සම්බන්ධයෙන් බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.

ICC රෙගුලාසිවලට අනුව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයේ සිට උපරිම මිනිත්තු 45ක දුරක් ඇතුළත කණ්ඩායම ස්ථානගත කළ යුතුව ඇතත් ශ්‍රී ලංකා කණ්ඩායම පැය එකහමාරක පමණ ගමන් කාලයක් දුරින් පිහිටි හෝටලයක ස්ථානගත කර තිබූ බවත් ඔහු පැවසීය.

මෙම ගැටළුවලට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් බවත්, ඒ හේතුවෙන් කණ්ඩායමට පුහුණු තරඟ මඟහැර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

“ඇයි අපේ කණ්ඩායමට විතරක් මේ කුඩම්මාගේ සැලකිලි. ඒ අයට අවශ්‍ය පහසුකම් සලසන්නේ නැත්නම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒක එයාලගේ ප්‍රතිඵලයට බලපානවා,” විපක්ෂ නායක වරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී එතුමා ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව සොයා බලා කටයුතු කරනා ලෙසයි.

ඊට පිලිතුරු දෙමින් සභානායක සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා කරුණු සොයා බලා හෙට දිනයේ පිළිතුරු ලබාදෙන බවයි.

Loading

අල්ලස් කොමිසමෙන් සජිත් ගැන පරීක්ෂණයක්.!

අල්ලස් කොමිසමෙන් සජිත් ගැන පරීක්ෂණයක්.!

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මත් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම කොමිසම විසින් කතානායක මහින්දයාපා අබේවර්ධනගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයා 2017 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම්වල සහතික පිටපත්ද ලබාදෙන ලෙසයි.

අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close