හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

හිරුණිකා තවත් හිරවෙයි.. අන්තිම තුරුම්පුවත් බාල්දු වෙන ලකුණු.!

හිරුණිකා තවත් හිරවෙයි.. අන්තිම තුරුම්පුවත් බාල්දු වෙන ලකුණු.!

නීතිපතිවරයා අද (04) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේ, බරපතළ වැඩසහිතව වසර 3ක සිර දඬුවම් නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීමට අදාළව විරෝධතා ගොනු කරන බවයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥයන් විසින් ගොනුකළ මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සලකා බැලිනි.

එහිදී මෙම ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන බැවින් එම විරෝධතා ලිඛිතව ගොනු කිරීම සඳහා කල්ලබා දෙන ලෙස නීතිඥයන් විසින් මහේස්ත්‍රාත් වරයාගෙන් ඉල්ලා සිටියේය. 

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම යළි ලබන 11 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

Loading

හිරුණිකාට රෙද්ද හැට්ට අන්දා සාමාන්‍ය කාන්තා වාට්ටුවකට දමයි.!

හිරුණිකාට රෙද්ද හැට්ට අන්දා සාමාන්‍ය කාන්තා වාට්ටුවකට දමයි.!

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අප සිදුකළ විමසීමකදී පවසා සිටිය, වසර තුනක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ R වාට්ටුවක ඊයේ (28) රැඳවූ බවයි.

කොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසූවේ එම වාට්ටුව සාමාන්‍ය සිරකාරියන් රඳවා තබන වාට්ටුවක් වන අතර, ඇය කාන්තා රැඳවූවන්ට නියමිත ඇඳුම වන සුදු රෙද්දක් සහ හැට්ටයකින් සැරසී සිටින බවත්, ඇයට අවශ්‍ය ආරක්ෂාව බන්ධනාගාරය තුළ සපයා ඇති බවත්ය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඊයේ (29) ප.ව. 2.00ට පමණ බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන විත් අවශ්‍ය ලිපිලේඛන කටයුතු සම්පූරිණ කර, බන්ධනාගාර වෛද්‍යවරයා වෙතද යොමු කිරීමෙන් අනතුරුව අදාළ වාට්ටුවට යොමු කළ බව ගාමිනී බී. දිසානායක මහතා පැවසීය.

කෙසේ වෙතත් හිටපු මන්ත්‍රීවරිය විශේෂ ඉල්ලීම් කිසිවක් සිදු නොකළ අතර, ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක්ද මේ දක්වා පැනනැඟී නොමැති බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close