අනුර කුමාර දිසානායක

අපි මේ රටේ උන්මාදයක් හදනවා.. අනුර අනුරපුර හොල්ලයි.!

අපි මේ රටේ උන්මාදයක් හදනවා.. අනුර අනුරපුර හොල්ලයි.!

පසුගියදා NPP Youth විසින් සංවිධානය කළ අනුරාධපුර තරුණ රැලිය සහ Youth Vibes ප්‍රසංගයට සහභාගි වෙමින් ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, වර්තමාන තරුණ පරපුර විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක් සඳහා අයදුම් කරනවා වෙනුවට, ඇමතිවරයා පසුපස ගොස් විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ඉල්ලා සිටිනවා වෙනුවට තරුණයාට ව්‍යවසායකයෙක් ලෙස නැගී සිටිය හැකි සුළු හා මධ්‍ය පරිමාණ උන්මාදයක් මේ රට තුළ ඇති කරනා බවයි.

වර්තමාන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාට ඇති ගැටළු වනුයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට ඇති අසීරුතාවය බව පෙන්වාදුන් දිසානායක මහතා ඊට විසඳුමක් ලෙස ජාතික ජන බලවේගය රජයක් යටතේ ඇප මුදල් රහිත මූලික ප්‍රාග්ධනය සැපයීම සඳහා සංවර්ධන බැංකුවක් පිහිටුවන බව අවධාරණය කළේය.

එම බැංකු පද්ධතිය හරහා හැකියාව සහ දක්ෂතාවය ඇති ඕනෑම තරුණ ව්‍යවසායකයකුට තම විභවතාවය පෙන්වාදී අදාළ ප්‍රාග්ධනය ලබා ගැනීමට අවස්ථාව උදාකර දෙන බව ඔහු සහතික විය.

එමෙන්ම ජාතික ජන බලවේගයේ රජයක් යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා මෙරට පිහිටුවා ඇති ආයතන සියල්ල ඒකාබද්ධ කර, එම ව්‍යවසායකයන් සඳහා දැනුම, තාක්ෂණය, වෙළඳපොළ සහ දත්ත ලබාදීමට සුවිශේෂී වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බවත් ඔහු පැවසීය.

වසරකට ලක්ෂ තුනක තරුණ පිරිසක් රැකියා වෙළඳපොළ වෙත පැමිණෙන බවත් එම සියලු දෙනාටම රජයේ රැකියා ලබාදීම ප්‍රායෝගික නොවන බවත් එම මානව සම්පත ව්‍යවසායකත්වය දක්වා රැගෙන යාමට ජාතික ජන බලවේගය සූදානම් බවත් දිසානායක මහතා පැවසීය.


Loading

ෆොන්සේකා හොරෙක් අල්ලගෙන.. අනුර හොරණ හොල්ලයි.!

ෆොන්සේකා හොරෙක් අල්ලගෙන.. අනුර හොරණ හොල්ලයි.!

“පුනරුදයට රටම එකට” යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් ඊයේ (29) හොරණ නගරයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් එම පක්ෂය නායකයින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු ජනාධිපතිවරයෙකුගේ පුතෙක් නොවීමට නාගරික මන්ත්‍රීවරයෙකු හෝ වීමට තරම්වත් සුදුසුකමක් නැති පුද්ගලයෙක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක,

“සජිත් ප්‍රේමදාස ජනාධිපති ප්‍රේමදාසගේ පුතෙක් නොවුනානම් මොකක් වෙයිද, ඔහු මෙම ජනාධිපතිවරණයට තරග වදින්නත් එම කඳවුරට නායකත්වය දෙන්නත් එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතා වීමයි. ඇත්තටම ඔහු ප්‍රේමදාසගේ පුතා නොවුනානම් මම හිතන්නේ මේ හොරණ නගර සභාවේ නාගරික මන්ත්‍රධූරයකටවත් සුදුසු නැති පුද්ගලයෙක්.

එයා ගැන දැන් කතා කරන්නෙ එයාගෙම පක්ෂේ සභාපති සරත් ෆොන්සේකා, ඒක ඇහුවොත් ඇති. අපි එයා ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නෑ. මොකද මට මතකයි සජිත් ප්‍රේමදාස එක වෙලාවකදී කිව්වා සරත් ෆොන්සේකාට තමයි එයාගේ ආණ්ඩුවේ හොරු අල්ලන වැඩේ භාර දෙන්න කියලා. එතකොට පාක්ෂිකයෝ අත්පුඩි ගැහුවා. ෆොන්සේකා වැඩේ කරන්න තමයි එන්නේ කියලා.

නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ. ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලගෙන, කැසිනෝ සල්ලි ගැන කතා කරනවා. ඒ නිසා සජිත්ගේ කඳවුර ගැන අපි කතා කරලා වැඩක් නෑ.

නමුත් අපි කතා කළයුතු කඳවුරක් තියෙනවා, ඒ තමයි රනිල් වික්‍රමසිංහගේ කඳවුර. රනිල් වික්‍රමසිංහ තමයි ජනතාවගේ නැගිටීම මුළුමනින්ම පාවදීලා ජනතා අපේක්ෂාවන් මුළුමනින්ම විනාශයට පත් කරලා පැරණි විනාශකාරී ගමනෙම මේ රට අදගෙන යන්නේ.

ඔහු පහුගියදා පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලා ජනාධිපතිවරයාට වෙන් කරපු මුදල් වලට අමතරව කෝටි 875ක් වෙන් කර ගත්තා. මුළුමනින්ම රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබෙනවා එම මුදල් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න.

Loading

රනිල් ඉතිහාසයේ විශාලතම මුදල් අවභාවිතාව කරමින් ඉන්නවා.!

රනිල් ඉතිහාසයේ විශාලතම මුදල් අවභාවිතාව කරමින් ඉන්නවා.!

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මහනුවර දිස්ත්‍රික් බැංකු සහ මූල්‍ය සංසදයේ සමුළුවක් අමතමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම අදහස් දැක්වීය.

එහිදී අනුර දිසානායක මහතා පවසා සිටියේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය මෙරට ජනතාවට අලුත් පණිවිඩයක් නොවන බවයි.

එහිදි වැඩිදුරයත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය එක් අදියරක් පමණක් වන අතර එහි තවත් භයානක අදියරක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු තවදුරටත් අසාර්ථක වී ඇති බවයි.

එම ඩොලර් බිලියන 12.5ම රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් මෙරටට ලබා ගත් ඒවා බවද ජාතික ජන බලවේගය නායකයා අවධාරණය කළ සිටියේය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ යනු මාස දෙකෙන් ගහල යන්න තියන බල්බ් එකක් වුවත් ඔහු රුපියල් කෝටි 875ක් ජනාධිපති වැය ශීර්ෂයන් වෙත වෙන්කරවා ගනිමින් එම මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන ඇති බවත්, එය මෙරට ඉතිහාසයේ ඡන්දයකදී රාජ්‍ය මුදල් අවභාවිතා කළ විශාලම ප්‍රමාණය වනු ඇති බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close