17
Jun
ලෝක සංවිධාන රැසක සහ රටවල් 90 ක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේදී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් පැවැත්වූ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් දැනුම්දී ඇත්තේ යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිහිනය සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බවයි.
ස්විට්සර්ලන්තයේදී පැවති එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ආරාධනා කර නොතිබුණු බව පැවැසෙයි.
කෙසේවෙතත් එම සාම සමුළුවට එක් වූ යුරෝපා බටහිර රටවල් සියල්ලක්ම පාහේ, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.