තම පාසලේ දැරියක් නිවසට කැඳවා සැමියා ලවා දූෂණය කරවූ ගුරුවරියකට එරෙහිව ඓතිහාසික නඩු තීන්දුවක්.!

තමාගේ පාසලේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර දැරියක් නිවසට කැඳවාගෙන පැමිණ සැමියා ලවා තමන් ඉදිරිපිටදීම ඇයව දූෂණය කිරීමට ඉඩදීමෙන් අපරාධයක් සිදුකළ පාසල් ගුරුවරියකට හා ඇගේ සැමියාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිත වසර 45 බැගින් වූ සිරදඬුවම් නියම කළේය.

අදාළ යුවළ අධි චෝදනා හයකට වරදකරුවන් බවට සනාථ වූ අතර එම චෝදනා අතර රංචු ගැසී ස්ත්‍රියක දූෂණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා එකී දැරිය බරපතළ ලිංගික අපයෝජනය කිරීම යන චෝදනාද ඇතුළත් වෙයි.

චෝදනා තුනකට වෙන් වෙන්ව නියම කළ එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර 15කින් ගෙවී යන ලෙසට ලබාදීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනාට රුපියල් තිස්දහස බැගින්වූ දඩයක්ද නියම කළේය.

එයට අමතරව 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත ප්‍රකාරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 15 බැගින් වූ වන්දියක්, අගතියට පත් කාන්තාවටත් ගෙවිය යුතු බවටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා එකී වන්දියෙන් රුපියල් ලක්ෂ 5 බැගින් ගෙවීම ප්‍රමාණවන් බවද නියෝගයක් පනවනු ලැබීය.

විත්තිකරුවන් සිදුකර ඇත්තේ සමස්ත සමාජයටම පිළිකුල් කරන ඉතා බරපතළ වැරැදි වන බැවින් ව්‍යවස්ථාදායකය පනවා ඇති උපරිම දඬුවම නියම කරන ලෙස රජයේ අධිනීතිඥ නිරෝධ ද සිල්වා මහතා සමග නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

පළමු විත්තිකරුගේ බාල සොහොයුරෙකු එම තරුණියගේ භාරකාරත්වය භාර ගැනීමට ඉදිරිපත් විය. එකී අපරාධය සිදුකරන විට වයස අවුරුදු 37ක් සහ 35ත් අතර වයසේ පසුවූ විත්තිකාර යුවළ රත්මලාන ප්‍රදේශයේ සිය නිවසට ඉතා දුර බැහැර ප්‍රදේශයක පදිංචිව සිට එම පාසල් සිසුවිය කැඳවාගෙන විත් ඇති බවත්, පළවන විත්තිකාරිය දැරියගේ ඇඳුම් ගළවා දමා සැමියා ඇයව දූෂණය කරන තෙක් ඇගේ අත්වලින් අල්ලා සිරකරගෙන සිට ඇති බවත්, සාක්‍ෂි මගින් අනාවරණය කරගෙන තිබිණ.

එකී අපරාධය සිදු කිරීමෙන් පසුව දැරියට බලා සිටින්නට යැයි නියෝග කොට විත්තිකරුවන් අඹුසැමියන් ලෙස හැසිරී ඇති බවත් අනාවරණය වී තිබිණ.

පැමිණිල්ලේ සාක්‍ෂි විභාගයෙන් අනතුරුව විත්තියේ සාක්‍ෂි විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කළ පසු එවකට වසර 4ක දැරියක්ව සිටි විත්තිකරුගේ බාල දියණියද විත්තියේ සාක්‍ෂිකාරියක ලෙස කැඳවීමට විත්තිය පියවර ගෙන තිබිණ.

නිලන්ත රත්නායක හෙවත් නිලංග හා සුජිවනී ප්‍රියදර්ශනී මහවත්ත නමැති විත්තිකරුවන් සම්බන්ධයෙන් ලැබූණු පැමිණිලි අනුව ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය විසින් සිදුකළ විමර්ශන උද්ධෘත අනුව නීතිපතිවරයා විසින් මෙයට වසර 13කට පමණ පෙර සිදුවූ මෙම අපරාධයට එරෙහිව නඩු පවරා තිබිණි.

Loading

Tell me 💬
Notify of
guest
6 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments