By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා පොලීසිය විසින් TELL IGP (පොලිස්පතිට කියන්න) සහ l-need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීම අද (06) දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.
පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටලු සදහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර TELL IGP ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇත.
මෙම සේවාව මගින් පොලිස්පතිවරයාගේ අවධානයට සෘජුවම යොමුකළ යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විමර්ශන සිදුනොවන පැමිණිලි සහ පොලිස් නිලධාරින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පැය 24 පුරා පැමිණිලි කළ හැකි අතර එම පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
තවද I-need සේවාව මගින් ජංගම දුරකථනයක් අස්ථාන ගතවූ අවස්ථාවකදී පොලීසියට නොගොස් “Online” මාර්ගයෙන් අස්ථාන ගතවූ දුරකථනයේ තොරතුරු ලබාදී පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාව සලසා දී ඇති අතර අස්ථාන ගතවු දුරකථනයක් යම් පුද්ගලයෙකු විසින් භාවිතා කරයි නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මෙම සේවාව හරහා දැනුම් දීම සිදුකරනු ලබයි.
මෙම සේවාවන් වෙත www.police.lk නිල වෙබි අඩවියට ගොස් E-Services ඔස්සේ “TELL IGP” හා “l-need” සේවාව වෙත පිවිසිය හැකි අතර පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා පොලීසිය සදහන් කරයි.