අද (20) හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේදී ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්ව ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගය අසල රැදී සිටි මවක්, දියණියක් සහ පුතෙකුද එම බස් රථයේ ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එහිදී තුවාල ලබා සිටි 40 හැවිරිදි මව ජිවීතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම බස් රථයේ ගමන්ගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

